චරිත් එන්. සිල්වා තරුණ සූපවේදියා ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වුණේ 'වයිල්ඩ් කුක් බුක්' නමැති යූටියුබ් නාලිකාව හා ඔහුගේ සමාජ ජාලා පරිහරණය නිසාවෙනි.
ආහාරයක් රසවත්ව සහ පරිපූර්ණව පහසුවෙන් පිරිසිදුව සාදාගන්නා අන්දම සම්බන්ධයෙන් චරිත පළ කළ වීඩියෝ සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානය හා අගය කිරීමට යොමු වුණ අතර ඒ හේතුවෙන් පසුගියදා ඔහු 'බ්‍රිටිෂ් වේ' ජන්ප්‍රිය සම්මානය ලැබීමට පවා සමත් විය.
'අනොමා'ස් කිචන්' යනු චරිත් හා සමානව නමුත්, චරිත්ට වඩා ජ්‍යෙෂ්ඨ තැනැත්තියකව අනෝමා විජේතුංග මහත්මිය විසින් පවත්වාගෙන යනු ලබන යූටියුබ් නාලිකාවකි. කෙසේ නමුත්, තමන් ඉදිරියේ ජනප්‍රියම සම්මානය ලැබූ චරිත් සමග එකට සිටගනිමින් සතුට දනවන ඡායාරූපයක් ගැනීමට ඇය ඉදිරිපත් වී තිබුණේ චරිත්ට ඔහු නියෝජනය කරන ක්ෂේත්රයට සම්බන්ධ වැඩිහිටි ඇතැමෙකු ක්‍රෝධයෙන් ඔහු සම්බන්ධව කටයුතු කරනු ප්‍රසිද්ධියේ දකින්නට තිබියදීය.
චරිත් අනෝමා මහත්මිය ගැන මෙසේ සඳහන් කර තිබිණි.
"ජීවිතේ මුණගැසුන ඉතාමත් කරුණාවන්ත නිහතමානී ලස්සනම චරිතයක්.
It was my pleasure to meet such an amazing soul Anoma's Kitchen 💕
Stay blessed aunty ✨" චරිත් එසේ තමන් පළ කළ ඡායාරූපය සමග ලියා තිබිණි.