"තාල වර්ගයේ ම ගස් අතරින් අපි මේ ජීවත් වෙන උතුරේ සරුවට වැවෙනා ගසට තල් කියල නම දැම්මෙ කව්ද කියල මං දන්නෙ නෑ. දකුණෙත් මේ වගේම එම තාල වර්ගයටම අයිති ගහක් තියෙනවා .ඒකෙ නම පොල්. තල් සහ පොල් කියන මේ ගස් දෙකටම කවුරුහරි ඒ නම් දීල තියෙන්නෙ අනන්‍යතාවයක් දෙන්න. ඒකෙන් අදහස් වෙන්නෙ නෑනෙ එක ගහක් අනෙක් එකට වඩා උසස් හෝ පහත් කියලා. හැබැයි මේ දෙකෙන්ම රා පෙරන්න පුළුවන්. ඒ වගේම ඒ දෙකෙන්ම පැණි හදන්නත් පුළුවන් . දෙකෙන්ම පෙරෙනා රා මිනිසුන්ට රස හා මත ගේනවා. ඒ වගේම තමයි ජාතියක්, භාෂාවක්, නමක් කියන්නෙත් මිනිසුන්ට තියෙන අනන්‍යතා විතරයි . ඒ හින්දා ජාතියක්, භාෂාවක් හෝ භූමියක් මත තියලා මිනිසුන්ගේ පෙකණිය කපන එකට අපි විරුද්ධ වෙන්න ඕනෙ." පි.අ.96
ඩර්බා, පවන්යා, වත්සලා, අරවින්දලා මේ අපි හැමෝම ජීවත්වෙන එකම සමාජයේ හැමෝටම කතාවක් තියෙනවා!! තනි තනියමත් කණ්ඩායම් ලෙස සාමූහිකවත් අරගල කරන්න මේ හැම ජීවිතයක් ම සටන් වැදුනෙත් සටන් වැදෙන්නෙත් නැති වුණු අහිමි වුණු දෙයක් හොයන්නයි. මනුෂ්‍යත්වය රජයන්න! මනුෂ්‍යත්වයට නිසි තැන දෙන්න! මනුෂ්‍යත්වයේ අයිතිය ලබා ගන්නයි!
"කොට තුවක්කු" වෙන් දේශපාලනික සාහිත්‍යමය දිගු දුර දැක්මකට පාඨක විඤ්ඤාණයන් සාර්ථකව මෙහෙය වූ ප්‍රියන්ත ලියනගේ මහතාගේ භාෂාමය පෙළහර ගැන කතිකාවක් පැතුම් පුංචිහේවා සමඟින් ගම්පහ මින්සර ගැලරියේදී (පොත් මැදුරේදී) ඔක්තෝබර් 14 සෙනසුරාදා පෙරවරුවේ පැවැත්විණි. එම වැඩසටහනේ පෙර දැනුම් දීම පිළිබඳව ගයාත්‍රි නදීෂානි පළ කළ සටහනකි