විපුලි නිරෝෂිණි හෙට්ටි ආරච්චි සොහොයුරිය බොහෝ මිත්‍ර හදවත් හඬවමින් අද (15) සන්ධ්‍යාවේ අවසන් ගමන් ගියාය.
බොහෝ දෙනෙකු නො අදහන විපුලි සොහොයුරියගේ හදිසි වියෝව පිළිබඳව සමාජ ජාලවල ශෝක ප්‍රකාශ හැටියට පළ කෙරී තිබිණි.
සාහිත්‍යය ගැවසෙන සෑම තැනකම පාහේ කියවෙන නමක් වන විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි නාමය කිවිඳියක හැටියටද ඉතා ප්‍රසිද්ධ නාමයකි.
ඇගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (15) සවස බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කෙරුණු අතර කලා ලොව, සාහිත්‍ය ලොව බොහෝ දෙනෙකුගේ දෑස්වල කඳුළු නංවමින් ඇය වටා සිටි සමාජයට ඈ සමු දුන්නාය.
විපුලි සොහොයුරිය, ඔබට සුව නින්දක්!