රත්නා පතාක් සහ සහ නස්රුදීන් ෂා යනු ඉන්දීය සිනමා කර්මාන්තයේ සිටින චරිතාංග නළුනිළි දෙපලකි. ඔවුන්ගේ ආදර කතාවද ඉතා අවධානය ගෙන දෙන එකකි.
1975දී සත්‍යදේව් ඩුබේගේ 'සම්බෝග් සේ සන්‍යාස් තක්' නාට්‍ය පෙරහුරුවකදී ඔවුන් මුලින්ම හමු වී තිබූ අතර ප්‍රේමයේ පළමු ද්ලුලෑම එතැනින් ඇරඹෙන බව ඔවුන් දෙදෙනාගේ අදහස වේ. නමුත්, ඒ වන විට නසෘදීන් පර්වීන් මුරාද් සමඟ විවාහ වී ඔවුන්ගේ දියණිය වන හීබා ගැන වගකීම් දැරූ වකවානුවක්ව තිබිණි.
නසීරුදීන් ෂා සහ පර්වීන් වෙන්ව පදිංචිව සිටියද ඔවුන්ගේ නීත්‍යානුකූල දික්කසාදයට කාලයක් ගත වෙමින් පැවතී තිබිණි. කෙසේ නමුත්, රත්නා පතාක් මෑතකදී සිය ආදර කතාව ගැන පවසා තිබුණේ "අපි එකට නාට්‍යයක් කරමින් සිටියා. එය 'සම්බෝග් සේ සන්‍යාස් තක්' නම් විය. අපි ඉක්මනින්ම තේරුම් ගත්තා අපි එකට සිටිය යුතු බව. අපි 'මේක හොඳයි වගේ, අපි උත්සාහ කරමු.' යනුවෙන් සිතූ දෙය සාර්ථක වුණා. එය සම්පූර්ණ විකාරයක් වුණා. ඒක හරි ගියා." ඇය හිනැහෙමින් පවසා තිබිණි.