ජාතික සම්මානයක් යනු විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් රටකින් ලැබෙන ඉහළම ඇගයුම වේ.
69 වැනි ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් අගෝස්තු මාසයේ ප්‍රකාශයට පත් කෙරුණ අතර ඊයේ (17) නිල සම්මාන උළෙල නවදිල්ලියේ විග්යාන් භවාන්හිදී පැවැත්විණි. එහිදී විකී කෞෂාල් රංගනයෙන් දායක වූ සර්දාර් උදම් චිත්‍රපටිය හොඳම හින්දි චිත්‍රපටය, හොඳම කැමරාකරණය, හොඳම ඇඳුම් නිර්මාණකරු, හොඳම නිෂ්පාදනය සහ හොඳම ශ්‍රව්‍ය රචනය ඇතුළුව සම්මාන 5ක් ලබා ගත් අතර චිත්‍රපටයේ අධ්යක්ෂ ශූජිත් සර්කාර් චිත්‍රපටයේ මුළු කණ්ඩායමටම සුබ පැතීමට අමතක නොකළේය.
ෂූජිත් සර්කාර් ඔහුගේ ඉදිරි චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදු කෙරෙන අතර නිවේදනයක් නිකුත් කරමින් ෂූජිත් සර්කාර් සිය කණ්ඩායමට සුබ පතා තිබුණේ "ජාතික චිත්‍රපට සම්මාන උළෙලට සහභාගි වීමට නොහැකි වීම ගැන මම දැඩි ලෙස කනගාටු වෙනවා. එසේ වුවද ජාතික සම්මාන ලැබූ අපේ කණ්ඩායම වේදිකාවේ දීප්තියෙන් බැබළුනා. බොහෝ දෙනෙකුගේ මෙම සිහිනය යථාර්ථයක් බවට පත් කිරීම ගැන මගේ නිෂ්පාදකවරුන් වන රොනී සහ ෂීල් සහ සමස්ත සර්දාර් උදම් කණ්ඩායමට මගේ කෘතඥතාව පළ කිරීමට සහ හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීමට මට අවශ්‍යයි.