භාරත රසික සිනමා සංසදය ෆේස්බුක් සමූහයේ නිර්මාතෘ නිරෝෂ් ගුණසේකර පසුගිය දෙසැම්බර් මාසයේ එළිදැක්වුණු ශ්‍රී ලංකාවේ චිත්‍රපට ගැන ප්‍රේක්ෂකයෙකු වශයෙන් සිය අදහස් දක්වා තිබේ.
චිත්‍රපට කර්මාන්තය ශ්‍රී ලංකාවේ තවදුරටත් දියුණු කර්මාන්තයක් හැටියට ස්ථාපිත වීම අපේක්ෂා කිරීම හේතුවෙන් එම අදහසට ගරු කරන අතරම එම සටහන මෙසේ පළ කරමු.
ගෙවුණු දෙසැම්බරයේදී සිංහල චිත්‍රපටි 6ක් තිරගත වෙලා තියෙනවා.
ස්වර
නාට්ටාමි ආමි
අපේ ප්‍රින්සිපල්
මේක පුදුම කතාවක්
රයිඩර්
තාත්තා
සිනමාවෙ ස්වර්ණමය යුගය විතරක් නෙවෙයි රජත,ලෝකඩ යුගය පවා අවසන් කරල පල්ලම් බැහැල තියන ඉන්ඩස්ට්‍රියක මේ තරම් තරඟකාරීත්වයක් ඇති වෙන විදියට චිත්‍රපටි රිලීස් කරන එක කාගෙ අදහසක්ද කියල නම් දන් නෑ .
ඕකට නිෂ්පාදකයො සහ බෙදාහරින්නො බොක්කෙන්ම එකඟ වුනාද කියන්න දන්නෙත් නෑ .
හැබැයි මේ අමනෝඥ වැඩවලින් හොයාගන්න පුළුවන් ගාණක් වත් හොයාගන්න බැරි වෙන එකයි වෙන්නෙ.
ඊටත් ඔය චිත්‍රපටි හයට දුවන්න වුනෙත්
රන්බිර් කපූර් රඟපාපු ඇනිමල්,
ෂාරුක් ගෙ ඩන්කි
ලේඩි සුපර්ස්ටාර්ගෙ අන්නාපූරණි
ප්‍රභාස් සහ ප්‍රිත්විරාජ් රඟපාපු සලා
වොන්කා
ඇකවාමෑන් වගේ දැවැන්ත ෆෑන්බේස් චිත්‍රපටි අස්සෙ.
හරියට අලි ඇත්තු අතර යුද්ධයක් අස්සට කූඹි සෙට් එකක් බස්සලා,අවුලක් නෑනෙ ගේමක් ගහගත හැකි නේද ඇහුව වගේ තමයි!