විදර්ශන සාහිත්‍ය ත්‍යාග 2024 පළමු අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම ජනවාරි 12 සිට මැයි 15 දින දක්වා ආරම්භ කර තිබේ.
නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ, පරිවර්තන (ඉංග්‍රීසි) ඒ සඳහා භාරගන්නා අතර අත්පිටපත් ශ්‍රී ලාංකේය පුරවැසි, ආධුනික, ප්‍රවීණ ඕනෑම ලේඛක ලේඛිකාවකට මේ සඳහා ඉදිරිපත් කළ හැකිය.
පරිවර්තන (ඉංග්‍රීසි) අංශය වෙනුවෙන් ඉදිරිපත් කළ හැක්කේ මින් පෙර සිංහල භාෂාවෙන් පළවූ නවකතා, කෙටිකතා හෝ කාව්‍ය කෘතියක පරිවර්තන අත්පිටපත් පමණි. අදාළ පරිවර්තනය වෙනුවෙන් මුල් කෘතියේ අයිතිය හිමි පාර්ශවය වෙතින් ලබා ගත් නිළ අවසර ලිපියක්ද අයදුම්පත සමඟ ඉදිරිපත් කිරීම අවශ්‍ය වන අතර සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත ඇගැයුම් මණ්ඩල හතරක් විසින් අත්පිටපත් ඇගැයුමට ලක් කරනු ලැබේ.
ක්‍රියාවලිය තුළ අවසන් වටය සඳහා අත්පිටපත් තුන (3) බැගින් නම් කිරීම 2024 අගෝස්තු මස පළමු සතියේදී සිදු වන අතර 2024 සැප්තැම්බර් 01 දින පැවැත්වෙන සම්මාන උත්සවයේදී ජයග්‍රාහී අත්පිටපත් වෙනුවෙන් 'විදර්ශන සාහිත්‍ය සම්මාන' සමඟ රුපියල් 150,000ක් වටිනා මුදල් ත්‍යාග එක් එක් ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරි නැමේ.
අවසන් වටය සඳහා නිර්දේශිත වූ අනෙකුත් ලේඛක ලේඛිකාවන් උදෙසා රුපියල් 50,000ක් වටිනා මුදල් ත්‍යාග හා සම්මාන ඵලක හිමි බව විදර්ශන ප්‍රකාශන ආයතනය පවසයි.