සිනමාශාලා ප්‍රදර්ශනය පසුගිය වසරේ නොවැම්බර් 17 වැනිදා ආරම්භ කළ 'රහස් කියන කඳු' චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්යක්ෂ සම්මානය ජගත් මනුවර්ණ කොඩිතුවක්කු ධකා ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේදී දිනාගෙන තිබේ.
බංග්ලාදේශයේ ධකා අගනුවරදී ජනවාරි 20 සිට 28 දක්වා පැවැත්වුණ සම්මාන උලෙළේදී සම්මානය හිමි කරගත් බව අධ්යක්ෂ ජග්ගත් මනුවර්ණ කොඩිතුවක්කු සිය සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කළේය.
ධකා ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු සම්මාන උලෙළේ ජූරි සභිකයින් හැටියට ශර්මිලා තාගෝර්, ඈන් ශැලශිනා, සාමියා සමාන්, ටොම් වොලර් නම් තායිලන්ත ජාතික සිනමාකරු, චීන සිනමාකරු ෂී චුආන් යනාදීන් සහභාගි විය.
සම්මාන උලෙළේ ආසියානු තරඟ නියෝජනය සඳහා ජගත් මෙම සම්මානය දිනාගත්තේය.
'රහස් කියන කන්දු' ශ්‍රී ලංකාව තුළද බෙහෙවින් විවාදාපන්න මෙන්ම ඇගයුමකට ලක්වූ සිනමාපටයක් වේ.