රංගන සිල්වාගේ 'ජනප්‍රිය Cafe R' සමග අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ කෙටි සංවාදයක් සඳහා ජනප්‍රිය නිළි පූජා උමාශංකර් පසුගියදා සම්බන්ධ විය.
තමන් ගැන වන අදූෂමාන ආරංචි ගැන මීට පෙර රංගන සිල්වාගේ උදෑසන වැඩසටහනකට දුරකථනයෙන් සම්බන්ධ වී පැහැදිලි කිරීමක් කළ පූජා මෙම වීඩියෝව මගින් මීට වැඩි කරුණු ගණනාවක් හෙළි කරනු ලබයි.
එහිදී තමන්ගේ විවාහ ජීවිතය අසාර්ථක වීමෙන් පූජා කඩා වැටීමකට ලක්ව ඇති බවට වන ප්‍රචාර ගැන පවසමින් ඈ කීවේ විවාහ ජීවිතය 'එළකිරි සුපිරි කිරි' යනුවෙනි.
සිය සැමියා ප්‍රශාන්ත් ශ්‍රී ලංකාවට ගොස් යළි පැමිණෙමින් සිටින බවත් ආගම සම්බන්ධයෙන් වන ප්‍රචාර ගැන කියන්නේ නම් ඇය ක්‍රිස්තියානි බැතිමතෙකු හැටියට බෞතීස්ම වූයේ 2001දී වන අතර බයිබලය හැදෑරීමට පැවිදි වීමට අවශ්‍ය නැති බවත් ඇය ප්‍රකාශ කළාය.
පූජාගේ සුන්දරත්වය මෙන්ම ඇගේ සාමාන්‍ය ගති පැවතුම් එකක් හෝ වෙනස්ව නොමැති බව ඇගේ සංවාදයෙන් තහවුරු කර තිබේ.