ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් ලෝකයේ දේශපාලනය කරන දැවැන්ත චරිත මෙන් ගෞරවනීයව විශ්‍රාම නොයෑමේ ආදීනව ජනප්‍රිය ගායක දමිත් අසංක සිය ෆේස්බුක් ගිණුමෙන් තම අදහස දක්වා තිබේ.
එම අදහස මෙසේය.
ලෝකයේ බොහෝ දියුණු රටවල නියමිත කාලය ඉවර වෙලා බිල් කලින්ටන් බැරක් ඔබාමා වගේ බොහෝම ගෞරවයෙන් දේශපාලනයෙන් විශ්‍රාම ගොස් තවමත් මිනිස්සුන්ගේ උපරිම ආදරයට කරුණාවට පත්වෙන නායකයෝ ඉන්නවා. ඉද හිට අදටත් ඔවුන් ගැන තප්පර කීපයක පුවතකින් පවා ඔවුන් කරපු බොහෝ සේවාවන් හැමෝගෙම මතකයට එනවා. සතුටටම පත් වෙනවා. නමුත් අපේ රට තුල කුමක් හෝ අවාසනාවකට එසේ මුළු කාලයම අවසන් කරලා නැවත දේශපාලනයට මැදිහත් නොවුනු නායකයෙක් අදටත් මට මේ අවරුදු 39ට දකින්න අහන්න හොයාගන්න බැරි උනා. රටේ කරුමෙකට හෝ කුමක් හෝ කුමන්ත්‍රණයක් හරි බලයට ඇති තණ්හාව නිසා හරි බොහෝ නායකයන් නියමිත කාලයට පෙර මරා ගාතනය කර තිබුනා. අපි වෙනස් වෙන්න ඕනා . නායකයාට කලින් නායකයාට අවශ්‍ය රැකවරණය දෙන අවශ්‍ය ජනතා කණ්ඩායමක් මේ රටට ඉතා ඉක්මනින් උවමනා වෙනවා. එලවන්න උත්සහ නොගෙන කැමැත්තෙන් ආසාව සංසිදී යනකම්ම එක පාරක් හරි මේ සාපයෙන් ගැලවෙන්න නම් අපිට එක නායකයෙකුට මේ රට බාරදෙන්නම වෙනවා.