සංජේ ලීලා බන්සාලිගේ බෙහෙවින් බලාපොරොත්තු තබා ඇති මීළඟ කතා මාලාව වන 'හීරාමණ්ඩි' ළඟදීම නිකුත් වීමට නියමිත වේ.
යුග කිහිපයක් නියෝජනය කරන ජනප්රිය හින්දි සිනමා තරු ගණනාවක් සහභාගි වන කතාමාලාවේ පළමු ඡායාරූප මීට පෙර පළ කෙරුණු අතර පළමු පෝස්ටරය පෙබරවාරි 01 වැනිදා නිකුත් කිරීමට නියමිතය.
'දියමන්ති අලෙවි වීදිය' යන අර්ථය සහිත හීරාමණ්ඩිහි මනීෂා කොයිරාල, සෝනක්ෂි සිංහා, අදිති රාඕ හයිදාරි, රිචා චාඩා ඇතුළු නිළියන් පිරිසක් ප්රධාන චරිත නිරූපණය කරති.
කතාමාලාව නිකුත් කරන දිනය තවම දැනුම් දී නැති නමුත්, එය මේ වසරේ මැද වීමට ප්රථම අන්තර්ජාල තිරගත වීම් ඇරඹීමට නියමිතය.