අඛිල ධනුද්ධරට සිය පියා ජැක්සන් ඇන්තනි අහිමි වීමේ අභාග්‍ය ගැන අමුතුවෙන් කිව යුතු යමක් නොවේ.
පිය-පුතු බැඳීම නොඅඩුව පැවති දෙදෙනකුගෙන් එක් අයකු අනපේක්ෂිතව නික්ම යාම කිසිසේත්ම ඉන් ඉතිරි වන තැනැත්තාට පහසු හැඟීමක් නොවන අතර ජීවිතයේ අසීරු අවස්ථාවලදී එය දරාගැනීම අතිශය දුෂ්කර දෙයකි.
අඛිල ධනුද්ධර ඒ පිළිබඳව සටහනක් තබමින් සිය දියනිය සමග සිටින 'ඇනිමල්' හින්දි චිත්‍රපටයේ 'පාපා මෙරි ජාන්' ගීතය පසුබිමින් වාදනය වන වීඩියෝවක් පළ කර තම සිතට සහනයක් දැනුණ බව පවසා තිබිණි.
https://web.facebook.com/akhiladhanudhdara/videos/412781001110140