සම්මානනීය සිනමා අධ්යක්ෂිකා රේණුකා බාලසූරිය සහ සුනිල් ටී. ප්රනාන්දු විසින් නිෂ්පාදනය කරනු ලබන 'සිනහව එකම පැතුම වූ පුංචි සමනලිය; මින්නු' චිත්රපටය පෙබරවාරි 24 වැනිදා සිට සිනමාශාලා ප්රදර්ශනය ඇරඹීමට නියමිතය.
චිත්රපටයේ මංගල දර්ශනය පෙබරවාරි 22 වැනිදා සවස ක්ෂේත්රයේ සහ මාද්ය හිතවතුන් සඳහා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රේණුකා බාලසූරිය සිනමා ප්රේක්ෂකයින් අතර ජනප්රිය වන්නේ 2000 වර්ෂයේදී රේණුකා බාලසූරිය විසින් නිෂ්පාදනය කරනු ලැබූ 'සරෝජා' චිත්රපටියෙන් අනතුරුව නිර්මාණය කළ ළමා නිර්මාණ හේතුවෙනි.
'සරෝජා' සමගින් ආරම්භ කළ රේණුකා බාලසූරියගේ සිනමා නිෂ්පාදන දිවියට මේ වන විට වසර 24ක් සපිරේ.