දවසක් එවී ප්රවීණ රංගන ශිල්පිණි විජිත මල්ලිකා උපහාර උළෙල සහ සංගීත සැදෑව මාර්තු 18 සවස 6.00ට පානදුර පුරහළේ දී පැවැත්වේ.
ප්රියා අත්තනායක සමඟ මෙම අවස්ථාව සඳහා ආරාධිත ගායන ශීල්පින් ලෙස අමල් පෙරේරා, සුසිල් ප්රනාන්දු, දායන් විතාරණ රවී ප්රනාන්දු, නිමේෂ් මධුභාෂිත එක් විමට නියමිතය.
60 දශකයේ සිනමාව බැබළවූ විජිත මල්ලිකා සිනමාවට පිවිසෙන්නේ ‘සූරයා’ චිත්රපටයෙනි.
එහි ඇය සුළු චරිතයක් රඟපෑවාය. ඉන්පසු ඇය චිත්රපට කීපයකම රඟපෑවේ විකට නළුවාගේ පෙම්වතිය ලෙසය. ‘සොහොයුරෝ’, ‘පුරුෂ රත්නය’, ‘නළඟන’, ‘වීර විජය’, ‘සුවිනීත ලාලනී’, ‘අදට වැඩිය හෙට හොඳයි’, ‘සුහද සොහොයුරෝ’, ‘මංගලිකා’, ‘කළ කළ දේ පල පල දේ’ ඇය මුල් යුගයේ රඟපෑ චිත්රපට කීපයකි.
ස්විනීත ලාලනී ,හඳ පාන ,රෑණ ගිරවු ,ධීවරයෝ ,සැඟවුනු මැණික ,ස්වීප් ටිකට් ,සැඟවෙන සෙවණැල්ල ඒ අතරින් කැපී පෙනුනු අතර ඇය ප්රථම සරසවි ජනප්රිය නිළි සම්මානයෙන් පිදුම් ලැබීය.
ඡායා -දයාන් විතාරණ ෆෙස්බුක් පිටුවෙන්