සරසවිය වත්මන් කර්තෘ නුවන් නයනජිත් කුමාර සිය පියා වන සරසවිය හිටපු කර්තෘ ඒ.ඩී. රංජිත් කුමාරගේ අහිමි වීම පිළිබඳව වන වේදනාව වදන් කිහිපයකින් ප්‍රකාශ කර තිබිණි.
සිය පියාගේ උපැස් යුවල පළ කරමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ 'මට ඇස් දුන් ඇස් - සෙවණ කළ උපැස්' යනුවෙනි. ජනමාධ්‍ය විද්වතෙකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහයන් එම සටහන වෙත සිය ශෝකය පළ කරමින් පවසා තිබුණේ
'නුවණැති නුවනුනි,
බස් නොකියා කියන මේ උපැස් දස්නෙන්
ඔබ ඇස් හිස් නැති එවුන්ට
දෙයි ඇස් හිස්!' යනුවෙනි.