lan englan tam

පුවත්

'දුර කඳු යාය මටයි' ලියූ වෙදැදුරුට උපහාර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිහාල් ගාමිණී රාජපක්ෂ යනු වෘත්තීයෙන් වෛද්‍යවරයෙකු වූවද සිය නිර්මාණශීලී හැකියාවෙන් රසික සිත් පහන් කළ නිර්මාණකරුවෙකි. සිංහල ගීත කලාවා තුළ මතකයෙන් නොගිලිහෙන 'දුර කඳු යාය මටයි' ගීතයේ රචකයා ඔහුය. ඔහුගේ අගනා නිර්මාණශීලී මෙහෙවර වෙනුවෙන් පසුගිය 15 වැනිදා උපහාර උළෙලක් පැවැත්වුණේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදීය.

එම අවස්ථාවට සහභාගි වූ මාධ්‍යවේදිනී නාලිකා රාජපක්ෂ එම අවස්ථාව පිළිබඳව මෙසේ සටහනක් ලියා තිබිණි. ගීතයේ ගායක උපාලි රන්තිලකද එම අවස්ථාවට සහභාගි වී සිටියේය.

සංගීතය හා ගීත කලාව වෙනුවෙන් රන් සම්මානයට පාත්‍ර වූ විශේෂඥ වෛද්‍යවරයා.. නිහාල් ගාමිණී රාජපක්ෂ මහතා.
විද්‍යාව හා කලාව එකිනෙකට ගවු ගණනක් ඈතින් පිහිටි ක්ෂේත්‍ර දෙකක් බව සැබෑය. නමුත් කලාතුරකින් හෝ මේ ක්ෂේත්‍ර දෙකම ජයගන්නට වාසනාව ලද්දෝ ද සිටිත්. මේ එවැනි වාසනාවන්තයෙකි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මෙරට මාධ්‍යයේ අපි සමග විසල් වැඩ කොටසක් කළ ඔහු එමගින් මීට පෙර කොතෙකුත් ඇගයීම්වලට පාත්‍ර වුවද, මෙවර ඔහු අගැයීමට සම්මානයට පාත්‍ර වනුයේ ගීත රචකයෙක්, ගායකයෙක්, තනු නිර්මාපකයෙක්, පටිගතකිරීම් ශිල්පියෙක්, ගීතවල පටිගතකිරීම් සංස්කරණ ශිල්පියෙක් වශයෙන් ගීත ක්ෂේත්‍රයට සිදුකළ අමිල මෙහෙවර වෙනුවෙන්. 15 වැනිදා මහවැලි කේන්ද්‍රයේ පැවති ඒ සම්මාන උළෙලේදී ඔහු වෙනුවෙන් අත්පොලසමකින් හෝ දිරි දෙන්නට කලාකාරියක ලෙස මටත් අවස්ථාවක් ලැබීම සතුටක්.

kemadasa

shungara

Back to top
Go to bottom