lan englan tam

පුවත්

රහ්මාන්ගේ ස්ටූඩියෝවට ගිය ලංකාවේ රොයිස්ටර්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'හමාර බණවර' ගීතයෙන් ලාංකික රසික හදවත් දිනාගත් ගායක රවී රෝයිස්ටර් සිය ගායන හැකියාව හේතුවෙන් ඉන්දීය කොලිවුඩ් සිනමාවේ සංගීත කලාව තුළද තමන් වෙනුවෙන් ඉඩ කරගත් ගායකයෙකි.

හදිසියේ සිය ගායන ක්ෂේත්‍රයේ වෙනසක් ගැන සඳහන් කරමින් ලංකාවේ සංගීත ජීවිතයට සමුදෙන බව මෑතකදී කියූ රවී පසුගිය දිනෙක ඉන්දියාවේ සදා නොමැකෙන සංගීත සලකුණක් වන ඒ.ආර්. රහ්මාන්ගේ චෙන්නායිහි සංගීත ස්ටූඩියෝව වෙත ගොස් තිබිණි.
රවී එහි යාම පිළිබඳව විශේෂ යමක් සඳහන් කර නොතිබුණද සිය ජීවිතයේ වටිනා සන්ධිස්ථානයක් ලෙස ඔහු එය පෙන්වා දී තිබිණි.
රවීගේ ගීත කලාවේ පළමු ඉන්දීය ආගමනය විජේ ඇන්තනි රඟපාන 'රෝමියෝ' චිත්‍රපටයේ 'වෙදල වෙදල' ගීතයෙන් සනිටුහන් වූ අතර එය ජනප්‍රිය වේග රිද්ම දෙමළ ගී අතර ඉන්දියාවේද පහුගිය කාලයේ ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබිණි.

Back to top
Go to bottom

Popular News