lan englan tam

පුවත්

අයන්ත ප්‍රනාන්දුගේ 'තාත්තා' කියවන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
දරුවෙක් වගේ හදාගන
තාත්තෙක් ඉන්නවා මට
ආදරය පවා බිඳිත්තක්
අඩු කරන්නට බිය වෙන
මතු බුදු වෙන්නට සියවරක්
මා ඉදිරියේ නිති හිතන්නට වෙන
ගලිවර් පියවරු අබියස
ලිලිපුට්ටෙක්ව සැමදා සැඟවෙන
ආච්චිගේ කෝපි හොරකම් කොට
වැහිබර සන්ධ්යාව රසබර කරන
ඉදහිට එබී දොර රෙද්දෙන්
මව් අණ සිහිල් කර දොඩන
අප අතර ඇති බියකරු නිහැඬියා
බොරු හිනාවැලකින් පුපුරවන
රූපාවාහිනි පැයෙන් පැය පුවත
බිඩියක් එක්ක නිතර නොවරදින
ඉරිදා පත්තරයක අලුත් රස්සාවක්
"තාත්තේ" කියන කොට නිති හොයන
පිතු පාදං නොකිව්වාට
කිසිදා දොසක් නොකියන
තාත්තෙක් වෙන්න උගන්වන
තාත්තෙක් ඉන්නවා ගෙදර
Status දමා හද පුරා
Wish කරන්නට බැරි වුණ
 
- යුනේෂියාව කෘතියෙන් උපුටා මංජුල වෙඩිවර්ධන සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කළ කාව්‍යයකි.
Back to top
Go to bottom

Popular News