විජේ දේවරකොන්ඩා ශ්රී ලංකාවට පසුගිය සතියේ පැමිණිය අතර මෙරට ඔහුගේ රසික රසිකාවියෝ මේ පිළිබඳව දැඩි උත්කර්ෂයෙන් පසු වූවා මෙන්ම ඒ ඇයිද යන්න බෙහෙවින් විමසීමට ලක් කළහ.
පසුගිය ජූලි 08 වැනිදා ඔහු ලංකාවට පැමිණි අතර විජේ නවාතැන් ගැනීමට පැමිණි මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලයේ කාර්ය මණ්ඩලයද ඒ ගැන සිය සතුට ප්රකාශ කර තිබිණි.
විජේ ලංකාවට පැමිණියේ VD 12 චිත්රපටයේ රූගත කිරීමකට වන අතර චිත්රපටයේ ඔහු සමග රශ්මිකා මන්දනා සහ ශ්රී ලීලාද ප්රධාන චරිත රඟපාති.
ඒ පිළිබඳව Mirror Events Diaryහි දිනිත ජයරත්න සඳහන් කරයි