lan englan tam

පුවත්

රංගනයට ආවේ පවුලේ ආභාසයෙන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"මගේ පවුල කලා පවුලක්. පවුලේ අයත් එක්ක ඉන්නකොට කලාවට යොමු වුණා. අම්මා එක්ක ෂූටින් යනවා. රේඩියෝ චැනල් එකට යනවා. පවුලේ අයත් එක්ක ඉන්නවා වගේ තමයි හිටියේ. ඒ විදිහට තමයි කලාවත් එක්ක මම එකතු වුණේ." මෙසේ පවසන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී පබෝධා සංදීපනීය.

"වයස අවුරුදු හතරෙදි තමයි මම 'සිතුමිණ' කියන ටෙලි නාට්‍යයට ඉස්සෙල්ලාම සම්බන්ධ වුණේ. අම්මා නිසා තමයි මට ඒ අවස්ථාව හම්බ වුණේ. අම්මා කලාකාරිනියක් නිසා ඒ අවස්ථාව මට ලැබුණා. දැනටත් කලාකරුවන්ගේ ළමයි ඉන්නවා නම් ඒ අයත් එක්ක වැඩ කටයුතු කරන්න යොමු වෙනවනේ. 'ශක්තිය ඔබයි අම්මේ' කියලා චිත්‍රපටයකටත් මම සහභාගි වුණා කියලා මට මතකයි." යනුවෙන් ඇය එසේ සිය මතකය අවදි කළේ 'සරසවිය' වෙනුවෙන් තිලක්ෂි රත්නායක සමග සංවාදයට එක් වෙමිනි.
එම සම්පූර්ණ සාකච්ඡාව Sarasaviya 'සරසවිය' වෙබ් පිටුවෙන් කියවීමට හැකියාව තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom