lan englan tam

පුවත්

බලධාරීන්ගේ නිර්මාණාත්මක මැදිහත්වීමෙන් ප්‍රශංසා ලබන "පියුම් නීල විල"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතික රූපවාහිනියෙන් ඉරුදින විකාශය වන "පියුම් නීල විල" මෑත කාලීනව දුටු ඉතා නිර්මාණාත්මක සංගීත වැඩසටහනක් බවට මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රශංසාව ලබමින් තිබේ. "පියුම් නීල විල" වැඩසටහන් අන්තර්ගතය, නිමාව සහ ඉදිරිපත් කිරීමේ විලාසය තුළ එම ප්‍රශංසාවට සුදුසු ආකර්ෂණීයභාවය රැඳී පවතින බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.

රූපවාහිනී රියැලිටි ප්‍රසංග හැරුණු විට මේ දිනවල රූපවාහිනී මාධ්‍යයකින් විකාශය වන ප්‍රශස්තම සංගීත වැඩසටහන ලෙස 'පියුම් නීල විල' හැඳින්විය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබෙන අතර ඉකුත් මාස කීපයක් තුළදී ජාතික රූපවාහිනියේ තවත් වැඩසටහන්වලද නව පිබිදීමක් දක්නට ලැබෙමින් තිබේ.
රූපවාහිනී මාධ්‍යයේ දශක තුනක අත්දැකීම්වලින් පිරිපුන් ප්‍රවීණ ගීත රචක නිලාර් එන්. කාසිම් ජාතික රූපවාහිනියේ වැඩසටහන් සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසුව සිදු කරන ලද වෙනස්කම් කිහිපයක් හේතුවෙන් ජාතික රූපවාහිනිය මෙම නව නැම්මකට හැරවී ඇති බව පෙනෙන්නට තිබේ.
මීට පෙරදී නව ටෙලිනාට්‍ය සහ වැඩසටහන් වෙනුවට රූපවාහිනියේම පැරණි නිෂ්පාදන යළි යළිත් විකාශය වනු බෙහෙවින් දක්නට ලැබුණ නමුත්, එක තැන පල් වීමේ එම තත්ත්වය වෙනස් වීමට වර්තමානයේ මෙම අලුත් වැඩසටහන් හඳුන්වා දීම ඉවහල් වී ඇති බව පෙනෙන්නට ඇත.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති වශයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාද ඒ සඳහා සාධනීය, නිර්මාණාත්මක පරිපාලනමය තීන්දු රැසක් ගෙන ඇති බව වැඩසටහන නැරඹීමේදී දකින්නට හැකියාව තිබෙන බවත් එයද මෙම වෙනසට බලපා ඇති බවත් ජාතික රූපවාහිනියේ ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.
'පියුම් නීල විල' පළමු වැඩසටහන පහතින් පළ වේ.

Back to top
Go to bottom

Popular News