සන්ජේ ලීලා බන්සාලි තමන්ගේ අලුත්ම සිනමා නිර්මාණයේ වැඩ පටන් ගත්තේ මීට මාස කිහිපයකට කලින්. 'Padmavathi' නම් වූ එහි පද්මිණි නම් රැජනක ලබා ගැනීම වෙනුවෙන් රාජස්ථානයේ චිතෝර්හි සිදුවන හමුදා මෙහෙයුමක් පිළිබඳ කතාවක් ගෙන එනවා.
එහි දීපිකා පදුකෝන් චිතෝර්හි පද්මිණි රැජන ලෙසත්, රන්වීර් කිල්ජි වංශයේ දෙවන සුල්තාන් අලවුදීන් කිල්ජි ලෙසත් ෂහීඩ් රණා රාවල් රතන් සිං ලෙසත් චරිත නිරූපණය කරනවා.
රාජ්පුත්හි පිරිසක් පවසන්නේ මෙහි එන බොහෝ සිදුවිම් මනකල්පිත බවයි. මෙම චිත්රපටයේ පද්මාවතී සහ අලවුදීන් කිල්ජි වැරදි තැන්වල ස්ථානගත කර ඇති බවට ඔවුන් චෝදනා කරනවා. මේ හේතුවෙන් අධ්යක්ෂ සන්ජේ ලීලා බන්සාලි යම් පිරිසකගේ පහරදීමටත් මීට පෙර ලක් වුණා.
ඒ සමඟින් චිත්රපටයේ දර්ශන තලය රාජස්ථානයෙන් ඉවත්කර වෙනත් පළාතකට ගෙන යන්න චිත්රපට කණ්ඩායම පියවර ගත්තා.
පසුගිය දවසක තවත් විසිපස් දෙනෙකුගේ පමණ කණ්ඩායමක් මහාරාෂ්ට්ර ප්රාන්තයේ, කොළහපූර්හි පිහිටි 'Padmavathi' දර්ශන තලයට පැමිණ තිබුණා. ඔවුන් පැමිණ තිබුණේ පෙට්රල් බෝම්බ සහ අයුධ සන්නද්ධවයි. ඔවුන් විසින් චිත්රපටයේ රූගැන්වීමට ගෙන ආ අශ්වයන්හට කෑමට දමා තිබූ පිදුරු වලට සහ චිත්රපටයේ නළු නිළියන් භාවිත කළ ඇඳුම් රැසකට ගිණි තබා විනාශ කරලා. මේ නිසා චිත්රපටයට යොදා ගත් ඇඳුම්වලින් සියයට 70-80 අතර ප්රමාණයක් විනාශයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
සබැඳි පුවත්
සන්ජේ ලීලා බන්සාලි සෙට් එකෙදී පහර දීලා