lan englan tam

පුවත්

රන්මිණිතැන්න රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරී කළමනාකරණය යටතට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රන්මිණිතැන්න පිහිටි මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පවත්වා ගෙන යාම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එම සිනමා උද්‍යානය ඉහත කළමනාකාරීත්වය පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ නිර්දේශ ලබා ගැනීමට පසුගිය වසරේ මැයි මස අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එකී නියෝජිතායතනයේ නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම සඳහා සුදුසු ආයෝජකයකු හඳුනා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමටත් හඳුනාගනු ලබන ආයෝජකයා සමඟ වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමකට එළඹීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත.
එය එසේ ක්‍රියාත්මක කර තිබේද යන්න තවම අනාවරණය කරගෙන නොමැත.

Source: Ceylon News Factory

Back to top
Go to bottom

Popular News