lan englan tam

පුවත්

භාෂාව තුළ තක්කඩිකම සැඟවූ පදයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
මේභාෂාව අස්සෙ තක්කඩිකම් හංඟනවනං සිංහල කියන්නෙ ඒකට පංකාදුම භාෂාවක්. 'උනත්' කියන්නෙත් අන්න එහෙම තක්කඩිකම් හංඟන්න කියාපු වචනයක්.
මේ 'උනත්' කියන වචනෙ දාලා තක්කඩිකම හංඟලා මිනිසත්කම් ගැන ලියනවා, දහම් දෙසන කැප්ශන් දානවා මං මුහුණුපොතේ අනන්තවත් දැකලා තියෙනවා. තක්කඩිකම එකපාරට නොපෙනෙන නිසා අපි දහම් කරුණ බෙදාගන්නවා; මිනිසත්කම බෙදාගන්නවා. හැබැයි ඛේදාන්තය තමා අපි දහම් කරුණක් ශෙයාර් කරගන්න අතරේම අපිටත් නොදැනීම තක්කඩිකමකුත් බෙදාගෙන. නොදැනුවත්වම අපි යූස් වෙලා.
"පාර අතුගාන මනුස්සයට 'උනත්' ගරු කරන්න." කියන අදහස එහෙම වටේ ගිය තක්කඩිම තක්කඩි කතාවක්.
ඒවනං නොදැනුවත්කමින් කළා කියමුකෝ... ගීත සාහිත්යයේදී මහාචාර්යවරුත් ඔය තක්කඩිකම කරලා තියෙනවනේ ඉතින්...
"හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනු"
හෙළයෝ කියන්නෙ කෝමත් හොඳ කාණ්ඩයක්. හැබැයි අහම්බෙන් ජඩයෙක් ඉන්න පුළුවන්. ඒම උනොත් ඌට පහර දෙන්ඩ. ඒවගේම දෙමළා අතරෙත් කලාතුරකින් විරුවෙක් ඉන්න පුළුවන්. අන්න එහෙම එකෙක් හම්බුනොත් ඌට ගරු කරපන් කියල නෙවේද මේ වියත් ගී පද රචකයා කියන්නේ....
බස අස්සෙ විස හංඟන්නෙ මෙන්න මෙහෙමයි. ප්රශ්නෙ තියෙන්නෙ මේවා නොදැනුවත්වම අපේ මනසට ඇතුළු වෙලා අවිඥානිකවම අපේ මනස විස ගබඩාවක් වෙන එක.
ඒ නිසා භාෂාව කියවන අතරෙම භාෂාව අස්සෙ හංඟන තක්කඩිකම්, නරුමකම්, පාදඩකම් වගේ ඒවත් කියවගන්න. මේක එක අකුරෙන් උනත් යුද්ද ඇතිකරන්න පුළුවන් රටක්.

 

ක්‍රිස් ටෙලන් සියඹලාපිටිය

Back to top
Go to bottom

Popular News