lan englan tam

පුවත්

චාල්ස් කුමාරයා එක්ක පොටරි ක්ලාස් ගිය ආචාර්ය වික්‍රමබාහු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ ඥාති සොහොයුරකුගේ බිරිඳ වන සන්ධ්‍යා කොතලාවල විසින් ඔහු ගැන තැබූ සටහනකි.

චාල්ස් කුමාරයා සමග ඔහු මැටි භාණ්ඩ තැනීමට පුහුණු කරන පන්තියට (Pottery Class) විශ්ව විද්‍යාල සමයේදී සහභාගි වූ බව එහි සඳහන් වෙයි.

 

ඔහු යන්න ගියා මැකිලා...
දැනට අවුරුදු තුනකට පෙර ඔහු ජීවමානව සිටින විට ලියූ සටහනට වඩා වෙනස් සටහනක් මට අද ලියන්න සිදුවුණා.
මගේ වෙලාවට මම මේ අවුරුද්දේද වෙනදා මෙන් ලංකාවට ගියවිට මොහු ගේ සුවදුක් බැලීමට යන්නට තීරණය කළා. ඒ අනුව මමත් මගේ ස්වාමි පුරුෂයාත් ඔවුන් ජීවත් වන මහනුවර කිරිබත් කුඹුර ආසන්නයේ පිහිටි මොළ දණ්ඩ වලව්වට ගොඩ උනෙමු
ඒත් අවාසනාවක මහත.......
එදා මල්ලී, නංගි කියා අප පිළිගත් ඔහු අප හැදුණුවේ නැත... ඔහුගේ පවුලේ තොරතුරු, ඔහු කව්ද, මේ එකකටවත් ඔහුගෙන් පිළිතුරු ලබා ගත නොහැකි විය.. ඒ වනවිට ඔහුත් ඔහුගේ බිරිද වන මංගලිකා දොඩන්වල නීතිඥ වරියත් මෙහෙකරුවන් ගේ උදව්වෙන් නිවසේ තනිවම රැඳී සිටියහ. දියණිය කොළඹ සිටියත් ඔවුන් ගැන නිතරම සොයා බැලිය. පැය 3 ක්4 ක් එම නිවසේ ඔවුන් දෙපල සමග සතුටු සාමිචියේ යෙදී සිට ගෙයින් පිටවුයේ මෙවන් වටිනා පුද්ගලයකු එදා සිටින තත්වය දැක විශාල කළකිරීමකින්.. ඇත්තටම මම එළියට එනවිට ඊළඟ අවුරුද්දේ නම් මොහු දකින්නට නොලැබෙන බව නොසිතුණාමත් නොවෙයි.
සර් ජෝන් කොතලාවල පරපුරේ ජෝන් කොතලාවලගේ සහෝදරයකු වන දොළොස්වල කොතලාවල විජේසූරිය වික්රම සුන්දර තෙන්නකෝන් මුදියන්සේලාගේ ඇලෙක්සන්ඩර් කොතලාවල ගේ වැඩිමහල් දියණිය වූ විමලාවතී කොතලාවල විදුහල්පති තුමියගේ පුත්රරත්නය වූ ඔහු....
එදා ඉගෙනීමේ අති දක්ෂයෙක් විය.. පසුව ශ්රී ලංකාවේ අධ්යාපනයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගත් ඔහු එංගලන්තයේ කේම්බ්රිජ් සරසවියේ අධ්යාපනය ආරම්භ කරන ලදී..
ඔහු බ්රිතාන්යයේ කේම්බ්රිජ් විශ්ව විද්යාලයේ ආචාර්ය උපාධිධාරියෙකි. ඔහුගේ ඩිපාට්මන්ට් එක තමයි ඇප්ලයිඩ් මැතමැටික්ස් ඔෆ් තියරිටිකල් ෆිසික්ස්. සිංහලෙන් කියනවා නම් න්යායාත්මක භෞතික විද්යාවේ ව්යවහාරික ගණිත අංශය. ඔහුගේ ඩිපාර්ට්මන්ට් එකේ තමයි ස්ටීවන් හෝකින් හිටියෙ. ඔහු යනකොට හෝකින් පර්යේෂණ ශිෂ්යයෙකි. එදා විද්වතුන් විසින් අයිසැක් නිව්ටන්ටත් වඩා ඉහළින් ඔසවා තැබූ මහා භෞතික විද්යාඥයා වන, ස්ටීවන් හෝකින් බාහු සහෝදරයා සමඟ එකම පීඨයක අධ්යාපනය හැදෑරූ සරසවි සගයෙකි.
ඒ අතර යුනිවර්සිටි එකේ තිබුණ කොලේජ් ඔෆ් ආර්ට් ඇන්ඩ් ටෙක්නොලොජි එකේ සෙනසුරාදා පන්ති තියනවා. ඒවට ගොඩක් අය යනවා. ඔහුත් මූර්ති කලාව පුළුවන් නිසා එතන පොටරි ඇන්ඩ් මොඩලින් කියන ක්ලාස් එකට සෙනසුරාදා අමතරව ගොස් ඇත.. ඒ පොටරි ක්ලාස් එකට පැමිණෙන චාල්ස් කුමාරයත් සමග එකට මොහු ඉගෙන ගෙන ඇත. .. චාල්ස් කුමරුද මොහුගේ සමකාලින සගයෙකි..
ආචාර්ය උපාධිය අවසන් කළ ඔහු 1970 දී ලෝකය පිළිගත් විද්යඥයෙක් ලෙස ලංකාවට පැමිණ පේරාදෙනිය විශ්ව විද්යායේ කථිකාචාර්ය වරයකු ලෙස වැඩ ආරම්භ කළේය. එහෙත් 1978 වසර ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වූයේ, එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉදිරිපත් කළ ආණ්ඩුක්රම ව්යවස්ථාවට එරෙහිව දැක්වූ විරෝධතා හේතුවෙනි.
විරෝධතාවයේ ප්රතිඵලයක් ලෙස ඔහු සිරගත විය.
ඉන් අනතුරුව ඔහු අවුරුදු හතළිහක් පූර්ණකාලීනව වාමාංශික දේශපාලනය කළේය. ඉඩ ලැබෙන අතරේ පර්යේෂණ කටයුතුවල නිරත විය. දශක හතරකින් අනතුරුව එනම් ඔහුට අවුරුදු හැත්තෑවත් ඉක්ම ගිය පසු ඔහුව යළි හිඟ වැටුප් සහිතව සේවයේ පිහිටෙව්වේය. මේ වනවිට ඔහු ආචාර්ය පදවිය අභිබවා මහාචාර්ය තනතුරට පත්වී සිටියේය... ඔහු පෙන්ෂන්ය. එදා හමුවන විට ඔහුට හැම දෙයම අමතක වී ගොස් තිබුනි..
මහා දේශපාලන ප්රවාහ තුළ පරඬැල් වුණු ස්වකීය සටන් සගයන් කුණු කානු පල්ලට ඇදවැටී ඉබාගාතේ ඇවිදිනා දේශපාලනික මත රට තුල පවතින කාලයේ දශක පහකටත් වඩා ස්වකීය මතවාදය වෙනුවෙන් නොවැටී සටන් කරනා මේ විද්වත් මනුෂ්යයාව සමාජයක් ලෙස අප රට තබා ඇති තැන ගැන ඇත්තටම එදා මට ලොකු කලකිරීමක් ඇති වුණා. ඔහු එදා දක්ෂ විද්යාඥයෙකි..ශ්රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ පුරෝගාමියෙක් මෙන්ම, සමාජ අසාධාරණයන්ට එරෙහිව දැඩිට සටන් කළ අයෙක් ලෙස මොහු ප්රකට විය. අවාසනාවක මහත.. රටේ දේශපාලකයන්ට ඔබ මියෙන තුරුම හඳුණා ගත නොහැකි විය. බොහෝ දෙනා එන්. ජී. ඕ.. කොටින්ට කත් ඇද්දා යයි හංවඩු ගැසීය.. මැරෙන තුරු තමාගේ මතයේම අධිෂ්ඨානයෙන් සිටි ඔබ අද යන්නම ගියා.. ඉතිං වික්රම අයියා ඔබට සුබ ගමන්..
Back to top
Go to bottom

Popular News