lan englan tam

පුවත්

ඇත්ත නොකියා හැදුන විශිෂ්ටතම සිනමා සංගීතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ක්‍රිස් නොලන් තමන් අලුත් ෆිල්ම් එකක් කරන්නට යනවා ඒ ෆිල්ම් එකේ ස්කෝර් එක කරල දෙන්න කියල හාන්ස් ෂිමර්ගෙන් ඉල්ලනවා.හාන්ස් අහනව ෆිල්ම් එක මොන වගේ එකක්ද කියල. නොලන් උත්තර දෙනවා මේ ෆිල්ම් එක පියෙක් සහ දුවෙක් අතර තියෙන ගැඹුරු ප්‍රේමය ගැන ෆිල්ම් එකක් හැබැයි පියාගෙ රැකියාව නිසා දුවගෙන් දුරස් වෙන්න වෙනවා.ඒ දුරස්ථබව තමා ෆිල්ම් එකේ තීම් එක වෙන්නෙ කියල. හැබැයි නොලන් හිතාමතාම මේක විද්‍යා ප්‍රබන්ධයක් බවත් අභ්‍යාවකාශය හා කාල අවකාශ ෆැබ්‍රිකය නැමීම ගැන කතාවක් බව නොකිය ඉන්නව මොකද ෂිමර් අතින් විද්‍යා ප්‍රබන්ධ වර්ගයේ සංගීතයක් හදන්නට නොලන්ට අවශ්‍ය නොවන නිසා.

ඉතින් මේ මුකුත් නොදන්න ශිමර් ගිහින් හදන් ආපු මාස්ටර්ෆීසය තමා මේ. අදටත් ලෝක සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම සිනමා සංගීතයක් සේ මේ ඉන්ටර්ස්ටෙලා තීම් එක හැදින්වෙනවා. දුරස්ථබව පෙන්වන්න ෂිමර් අපූරුම සංගීත භාණ්ඩයක හඬ මේ සංගීතයට එක් කරනවා ඒ තමා චර්ච් ඕර්ගන් එක. චර්ච් ඕර්ගන් එක සැලකෙන්නෙ ලොව විශාලතම සංගීත භාණ්ඩය ලෙසයි.මේ හඬ තමා මේ සංගීතයට අභ්‍යාවකාශයේ අනන්තමය බව එකතු කරන්නේ.

ස්‍රීන් යාපා බොරලැස්ස විසිනි.

Back to top
Go to bottom

Popular News