lan englan tam

පුවත්

මෝඩ තරිඳුගේ ආච්චි අම්මා හෙළි වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මෝඩ තරිඳු' චිත්‍රපටයේ ආච්චි අම්මා හැටියට ප්‍රවීණ රංගන ශිල්පිනී කෞෂල්‍යා ප්‍රනාන්දු රංගනයෙන් දායක වන බව එම චිත්‍රපට කණ්ඩායම හෙළි කර තිබේ.

ඒ කෞෂල්‍යා ප්‍රනාන්දු වෙනුවෙන් උපන්දින සුබ පැතුම් එක් කරමිනි.
'මෝඩ තරිඳු' තිසර ඉඹුලානගේ අලුත්ම සිනමා පටයට සම්බන්ධ වන චරිත මේ දිනවල එකින් එක එම චිත්‍රපටයේ ෆේස්බුක් පිටුවෙන් අලුත් ක්‍රමයකට එළිදක්වමින් තිබේ.
ඒ චිත්‍රපටයට සම්බන්ධ වූ අයට උපන්දින සුබ පැතුම් එක් කරමිනි. ඒ අනුවයි තරිඳුගේ ආච්චි අම්මාගේ සැබෑ උපන්දිනයට අද (30) සුබ පැතුම් එක් කර තිබුණේ. එම සටහන පහතින් පළ කෙරේ.

මෙච්චර කාලයක් රඟපාල තියෙන සියළුම චිත්‍රපට වල දෙබස් එකතු කරත් "මෝඩ තරිඳු" චිත්‍රපටයෙ කියපු තරම් දෙබස් එයා කියල නෑලු. මේ චිත්‍රපටය රඟපාද්දි ඇවිදපු ඇවිදිල්ල තරම් දුරක් ඇවිදලත් නෑලු. එහෙම කියන්නෙ තරිඳුගෙ ආච්චි අම්මා. හැබැයි ඉතිං දත කට විකාගෙන දෙයියනේ කියල ලස්සනට ඒ හැමදෙයක්ම කරා 🤭
ආච්ච් අම්මට රඟපෑවෙ අපේ රටේ දක්ෂතම රංගන ශිල්පිනියක්. ඒ තමයි කෞශල්‍යා ප්‍රනාන්දු. එයා රඟපු රැඟිල්ල බලාගන්න නම් "මෝඩ තරිඳු" එනකල් ඉන්න වෙනවා. හැබැයි ඔන්න ආච්චි වයසට ගිහිල්ල කියල ආරංචියක් අපිට ආවා. අද තමයි එතුමියගෙ උපන්දිනේ. සුබම සුබ වේවා හැමදාමත් ❤️

Back to top
Go to bottom

Popular News