lan englan tam

පුවත්

අසනීප නොතකා සභාවක් පිනවන TikTok කලාකරුවා; ශිරාන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශිරාන් සංජීව ටික් ටොක් සමාජ ජාලයේ විශාල රසිකයින් සංඛ්‍යාවකට හිමිකම් කියන නිර්මාණකරුවෙකි.

කලක් නර්තන ශිල්පියෙකු ලෙසත් පෞද්ගලික ආයතනයකත් කටයුතු කළ ඔහු පිළිකා රෝගයට ගොදුරු වීම හේතුවෙන් තමන් කුඩාවට පවත්වාගෙන ආ කඩයකට පමණක් සීමා වී කුඩා ආදායමක් ලබමින් ජීවත් වීමේ අරගලයකට මුහුණ දෙමින් සිටී.
දින දහයෙන් දහයට පිළිකා රෝගය සඳහා කළ යුතු කීමෝ ප්‍රතිකාර කිරීමට සිදුව ඇති නමුත්, ටික් ටොක් සමාජ ජාලය ඇසුරේ සිටින සිය ප්‍රේක්ෂකයින් පිනවන අතරේ තමන්ද සතුටින් සිටීමට උත්සාහ ගන්නා තරුණයෙකි.
ඔහුගේ ශරීරයේ අත්ල, පාද යනාදිය අවර්ණ වීමත් ඔහු පැළඳ සිටින තොප්පිය ගැනත් ඔහු සිය සමාජ ජාලයෙන් පසුගියදා හෙළි කර තිබුණේ තමන් ගැන නොදන්නා අය බොහෝ ප්‍රශ්න විමසීම හේතුවෙන් ඒවාට පිළිතුර දීම පිණිස වන නමුත්, අනුකම්පාවක් ඒ සඳහා අනවශ්‍ය බවද පවසමිනි.
ජීවිතයේ මිනිසුන් පිනවන බොහෝ දෙනෙකු පසුපස ඇති යථාර්ථය අප බොහෝ දෙනෙකු විමසනවාට වඩා කටුක විය හැකි අතර එවන් කටුක පිළිතුරක් ශිරාන් වෙතින්ද ලැබී තිබේ.
ඔහුට ඉක්මන් සුවය ලැබේවා යන්න සැම දෙනාගේම ප්‍රාර්ථනය වන්නේය.

https://www.tiktok.com/@shiran..sanjeewa/video/7179825146960661786?is_from_webapp=1&sender_device=pc

Back to top
Go to bottom

Popular News