lan englan tam

පුවත්

අද වැසෙන TNL ගැන හිටපු ප්‍රවෘත්ති කතුවරයෙකුගෙන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාගේ මුල්ම ආයතනික රැකියාව වුයේ TNL රූපවාහිනී සේවයේ ප්රවෘත්ති කාර්ය මණ්ඩලයේ වාර්තාකරුවෙකු ලෙස 1996 ඔක්තෝබර් මස 7 වැනි දින සිට සේවය කිරීමයි.

1998 මැයි 31 වැනිදා මම ඉන් ඉවත්ව ජැක්සන් ඇන්තනී මහතා විසින් නවමු ආරකින් ඇරඹි සවන ගුවන් විදුලියට සම්බන්ධ විමී. නමුත් TNL TV ආයතනයේ සභාපති ශාන් වික්රමසිංහ මහතාගේ සෘජු ඇරැයුමින්, ඉන් දෙමසකට පසු එනම් 1998 අගොස්තු 10 වැනිදා සිට TNL ප්රවෘත්ති කාර්ය මණ්ඩලයේ ප්රධානියා ලෙස යළිත් එම ආයතනයට බැඳී සේවය ඇරඹුවෙමි.

එතැන් පටන් 2005 පෙබරවාරි මාසය දක්වා මා සේවය කළේ එම තනතුරේ ය. මාගේ වෘත්තීය ජිවිතයේ අඩිතාලම දමා එය ගොඩ නංවනු ලැබුවේ TNL TV ආයතනය විසිනි. ජනමාධ්ය පිළිබඳ කිසිදු න්යායික හෝ ප්රායෝගික පුහුණුවක් නොතිබු මා වැනි තව බොහෝ දෙනෙකුගේ වෘත්තිය ජීවිතවල තිඹිරි ගෙය TNL TV ආයතනයයි. සීමිත සම්පත් ප්රමාණයකින් සහ මූලික තාක්ෂණයකින් පමණක් වුවත් TNL ආයතනයේ දුෂ්කර කොන්දේසි යටතේ කළ රැකියාව, පසු කලෙක වෙනත් වෘත්තීන් සහ ආයතන තුල මතුවූ අභියෝගයන්ට මුහුණදීමට මට පන්නරය ලබා දුන්නේය.

අදින් සිය ඓතිහාසික කාර්යභාරය හමාර කරන TNL ආයතනයට, එහි සභාපති ශාන් වික්රමසිංහ මහතාට මාගේ ගෞරවය සහ කෘතවේදීත්වය මෙයින් පිරි නමමි.

නාමල් දමයන්ත පෙරේරා - TNL හිටපු ප්‍රවෘත්ති කතුවර

Back to top
Go to bottom

Popular News