lan englan tam

පුවත්

විදර්ශන Long list කෙටිකතා 07

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' සඳහා ඉදිරිපත් වු කෙටිකතා අත්පිටපත් 118 ක් අතුරින් දීර්ඝ ලැයිස්තුගත වන (Long list) කෙටිකතා අත්පිටපත් 7 හා ඒවායේ රචක රචිකාවියන් අද (01) උදෑසන 9ට ප්‍රකාශයට පත් කෙරේ.

ඇගයුම් මණ්ඩල සාමජිකයන් තිදෙනා පවා මෙම නිර්මාණකරුවන් 7 දෙනා කවුරුන්ද යනවග දැන ගන්නේ හෙට උදෑසන 9 යෙන් පසුවය.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' හී කෙටිකතා ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස අනෝමා රාජකරුණා, අශෝක හඳගම හා මහාචාර්ය ටියුඩර් වීරසිංහ කටයුතු කරයි.
දීර්ඝ ලැයිස්තුගත කෙටිකතා රචක රචිකාවියන් 7 දෙනා වෙත හෙට උදෑසන 8 න් පසුව එම නිර්මාණ වඩාත් තහවුරු කර ගැනීම පිණිස දුරකථන ඇමතුම් අප වෙතින් ලැබෙනු ඇත.
එම දීර්ඝ ලැයිස්තුව හෙට පෙරවරු 9 ට සමාජ මාධ්‍ය වෙතද, www.vidarshanalitprize.com වෙබ් අඩවිය වෙතද මුදා හරින්නේ එම තහවුරු කර ගැනීමෙන් අනතුරුවය.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' සඳහා ඉදිරිපත් වූ කාව්‍ය, නවකතා හා ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ සිංහල සාහිත්‍ය අත්පිටපත් අතුරින් දීර්ඝ ලැයිස්තුගත වන නිර්මාණ හා ඒවායෙහි නිර්මාණකරුවන් ඉදිරි දින කිහිපයේදී උදෑසන 9 ට වරින්වර ප්‍රකාශයට පත් කෙරේ.
මෙම දිර්ඝ ලැයිස්තුගත වූ නිර්මාණ 7 න්, අවසන් වටය සඳහා නිර්දේශවන නිර්මාණ 3 කෙටි ලැයිස්තුගත කිරීම (Short list) අගෝස්තු දෙවන සතියේදී සිදු කෙරේ.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' ජය මූර්ති ප්‍රදානය සැප්තැම්බර් 01 දින සවස 6 ට, බත්තරමුල්ල වෝටර්ස් එජ් හී දී උත්සවාකාරයෙන් සිදු වේ.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' ජයග්‍රාකයන් වෙත විදර්ශන ජය මූර්තිකාව සමඟ රු. 150,000/- ක මුදල් ත්‍යාගයක් හිමි වේ.
එහි අවසන් වටය සඳහා තේරී පත්වන සෙසු නිර්මාණකරුවන් වෙත සම්මාන ඵලක හා රු. 50,000/- ක මුදල් ත්‍යාග හිමි වේ.

ජනක ඉණිමංකඩ - විදර්ශන අධිපති

Back to top
Go to bottom

Popular News