lan englan tam

පුවත්

වසර 42ක් ලියන්ට එළිය දුන් 'නවලිය'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මීට වසර 42කට පෙර උපාලි සමුහ ව්‍යාපාරයේ කාන්තා පුවත්පතක් ලෙසින් එළි දක්වන ලද 'නවලිය' පුවත්පත ඊයේ (03) එහි සංවත්සරය සැමරීය.

උපාලි විජේවර්ධන මහතා විසින් වත්මන් ව්‍යාපාරයේ සභාපතිනිය ලක්මනී ආර්. වෙල්ගම මහත්මියගේ අධීක්ෂණය යටතේ එළි දැක්වූ පුවත්පත වර්තමානයට ගැලපෙන පරිදි වෙනස් වෙමින් ඉදිරියට පැමිණ තිබේ.
බොහෝ අලෙවියට පත් වූ කාන්තා අතිරේක සහ පුවත්පත් වැසී ගොස් ඇති අවධියක පුවත්පතක් වශයෙන් කාන්තා ජීවිතයට අස්වැසිල්ලක් වීමට නවලිය පුවත්පත සමත් වී තිබේ. ඩිජිටල් පුවත්පතක් වශයෙන්ද වර්තමානයේ බොහෝ දෙනෙකුට පරිශීලනය කළ නවලිය පුවත්පතේ සංවත්සරය ස\ස්කාරකවරිය හරින්දි ලියනගේ විසින් සිහිපත් කරනු ලැබ තිබිණි.
සංස්කාරකවරියට සහ කර්තෘ මණ්ඩලයට 'මිරර් ආට්ස්' සුභාශිංසන මෙසේ පිරි නමමු!

Back to top
Go to bottom

Popular News