lan englan tam

පුවත්

'එතෙර අපි' කුවේට් ප්‍රසංගයට ගිය කලාකරුවන් පිරිසක් අත්අඩංගුවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ සාමාජිකත්වය ඇති සංවිධානයක් වන 'එතෙර අපි' සංවිධානය විසින් කුවෙට්හි සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයක් අතරතුරදී එම ප්‍රසංගයට සහභාගී වූ ශ්‍රී ලාංකික කලා ශිල්පීන් ඇතුළුව ලාංකිකයින් 24 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ, උපේඛා නිර්මාණි, ජොලි සීයා, මුබාරක් යන ශිල්පීන් සමග මාලන් ප්‍රමුඛ 'නිර්මාණ' සංගීත කණ්ඩායම මේ සඳහා සහභාගි වී තිබේ.
අගෝස්තු 02 වැනිදා පැවති ප්‍රසංගයකට මෙම පිරිස සහභාගි වී ඇත.
අත්අඩංගුවට ගැනීමට හේතු වූ කාරණය අනාවරණය වී නොමැති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් මැදිහත් වී අත්අඩංගුවට පත් වූවන් මුදවා ගැනීම සඳහා කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා තිබේ.
අමාත්‍යවරයාගේ X ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.

Back to top
Go to bottom

Popular News