lan englan tam

පුවත්

සිහින නෙළුම් මල් තිරයේ පිපීමට ආසන්නයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පහසුවෙන් අමතක කල නොහැකි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි රංගනයෙන් දායක වූ අවසන් සිනමා පටය වූ "සීරුවෙන්" තිරගත වීමෙන් අනතුරුව, කාලෙකින් එක් නොවූ හේමාල් රණසිංහ සමගින් දුෂේනි සිල්වා ප්‍රධාන භූමිකාවන්ට පණ පොවන, සිතු සැණින් චිත්‍රපට නොකරන ශමීර නාඔටුන්නගේ දෙවන සිනමා නිර්මාණය "සිහින නෙළුම් මල්" රිත්මා මණ්ඩලයේ එසැණින් තිරගත කිරීමට සැලසුම් කර ඇත.

සෙසු චරිත රංගනයෙන් උමාලි තිලකරත්න, වීණා ජයකොඩි, ශ්‍රියාණි අමරසේන, ප්‍රියන්ත සෙනෙවිරත්න, කළන ගුණසේකර, ලාල් කුලරත්න, දයාදේව එදිරිසිංහ, මයුර කාංචන ඇතුළු පිරිසක් එක්ව ඇත.
තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය - ශමීර නාඔටුන්න, නිෂ්පාදනය - වරුණ අරඹගේ, කැමරා අධ්‍යක්ෂණය - විශ්වජිත් කරුණාරත්න, සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ, සංගීත අධ්‍යක්ෂණය - මිලින්ද තෙන්නකෝන්, ගීත ගායනය - ශශිකා නිසංසලා, මිහිඳු ආරියරත්න, අමිල පෙරේරා, ආශ්කා කුලතුංග, සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී මඩවල, වර්ණ සංයෝජනය - තිස්ස සුරේන්ද්‍ර, අංග රචනය - බුවනෙක රණවක, කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත, ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි ඇතුළු ප්‍රවීණයන් රැසක් මේ සඳහා දායකව ඇත.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News