lan englan tam

පුවත්

සුජීවා තුවාල ලැබූ වෙඩිතැබීමේ සැකකරුවන්ට දැඩි ආරක්ෂාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගායන ශිල්පිනී කේ. සුජීවා සමග සිව් දෙනෙකු තුවාල ලබමින් ඇගේ සැමියා සහ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් 'ක්ලබ් වසන්ත' නම් ව්‍යාපාරිකයාගේ ඝාතනය සිදු වීමේ වෙඩි තැබීමට අදාළව සැක පිට අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සහ සැකකරුවන් දස දෙනා අද (05) යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබ තිබුණේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ වේ.

එම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් මේ වන විට මහජන සහාය ඉල්ලා ලැබ තිබෙන අතර අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගනු ලැබ තිබේ.
සුජීවා තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති අතර සිද්ධිය පිළිබඳව වන දැඩි කම්පනයෙන් තවමත් පසු වන බව වාර්තා වේ.

Back to top
Go to bottom

Popular News