lan englan tam

පුවත්

දුර්ලභ සිනමා හෙළිදරව්වක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමාවේදී අරුණ ගුණරත්න මෙවර සිය සිනමා කතාබහේ දුර්ලභ ලෙස කතාබහට ලක් වන නිර්මාණකරුවෙකු පිළිබඳව කතා කරයි. එය මෙසේය.

"මේ චිත්‍රපටය මම නැරඹුවේ 1982 අවුරුද්දේ. බොරැල්ලේ එවකට පැවැති ලිඩෝ සිනමාහලේ. මෙ ච්තප්‍රපටයේ තේමා පාටයේ ආ මිහිරෙන් තෙමා යන වාක්‍යය එකල ගුවන් විදුලියේ ප්‍රචාරය තහනම් කළා. මිහිරෙන් තෙමා සනසන්න මා කිව්වාම එය එවකට එහි බලධාරින් දුටුවේ කුණුහරුපයක් හැටියටයි. පසුකලෙක චිත්‍රපටයේ නිෂ්පාදකට අත් වූ ඉරණම ඒක්තරා ඛේදවාචකයක්. කොහොම උනත් ඔහු කවරෙක් හෝ චිත්‍රපටයකට තෝරා නොගත් නිසා තමා ම චිත්‍රපටයක රඟපා ආසාව ඉෂ්ට කර ගත්තා. මෙයට අමතරව ඔහු තවත් එක් චිත්‍රපටයක රඟපෑවා. මෙරට සිනමා රංගනයට එක් වූ මුස්ලිම් ජාතික නළුවන් අතරින් තම අනන්‍යතාව නොසඟවා ප්‍රධාන චරිතයක් රඟපෑ එකම නළුවා ද ඔහුයි." යනුවෙන් ඔහු එම චිත්‍රපටය පිළිබඳව කළ යූටියුබ් කතාබහද පළ කරයි.
එම කතාබහට ප්‍රතිචාර ලෙස එම්ටීවී මාධ්‍ය ජාලයේ ප්‍රධානියකු වන මනෝජ් ඉඳුරුව සමග ජාතික රූපවාහිනියේ ප්‍රධානියකු සහ නේත්‍රා ටීවී ප්‍රධානී නිලාර් එන්. කාසීම්ද ප්‍රතිචාර දක්වා තිබුණේ සංවාදය වඩාත් පෝෂණය කරමිනි.

මනෝජ් ඉඳුරුව: රත්තරන් කන්දට අමතරව චන්ඩියංගෙත් චන්ඩියා චිත්‍රපටයේ (හේමසිරි සෙල්ලපෙරුමගේ) සෙයින් සුහේර් ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය රඟපෑවා.

නිලාර් එන්. කාසිම්: සෙයින් සුහේර් ප්‍රධාන චරිතය රඟපෑ අනිත් චිත්‍රපටය රත්තරන් කන්ද යනුවෙනි.

Back to top
Go to bottom

Popular News