lan englan tam

පුවත්

කියවෙන නමක නොකියවෙන නමක් සමු ගනී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පුෂ්පා මීවැල්ල මහත්මිය අද දින සිය වටිනා ජීවිත කාලය නිම කරලා. ඇය තිස්ස අබේසේකර මහතාගේ බිරිදක්. මගේ සහෘද මිතුරියක වන චාරුලතාගේ ධෛර්වන්ත මව.

පූෂ්පා මීවැල්ල සහ චාරුලතා අබේසේකර යන දැනුවත් මව සහ දියණිය මට මුණගැසුණේ මා 'තිස්ස.. තිස්ස' පොත ලියන කාලේ. 2012දී. චාරුගේ අම්මා කොච්චර හොද කෙනෙක්ද කියනවා නම් තම සැමියා ගැන මා ලියන පොතට නොලිය යුතු බොහෝ දේවල් ඈ මට කීවේ පොත ආවට පස්සේ. දැන් ඒවා කිව්වා කියලා වැඩක් නෑ කියයි මට කිව්වේ. තිස්ස අබේසේකර නාරාහේන්පිට ශාලිකා හෝල් එකේ ලොකු මගුලක් කාලා නියම විදියට කසාද බැදපු බිරිද තමයි පුෂ්පා.

කසාද බදින දවසේ ස්ටුඩියෝ එකකට ගිහින් මගුල් පින්තූරයක් අරගන්නට තිස්සට අවස්ථාවක් දුන්න එකම භාර්යාව තමයි පුෂ්පා. තිස්සගේ ජීවිත කතාව තුළ සුවිශේෂ පරිච්ඡේදයක් තමයි පුෂ්පා. තිස්සගේ ජීවිත කතාව තුළ මම මැය ගැන ලියපු පරිච්ඡේදයේ ඇතැම් කොටස් 'ඔගස්ටා' නමැති තිස්සගේ තුන්වෙනි බිරිද කපලා කොටලා ඉවත් කළ බව ආරංචි උනාම මැය ඒ දිහා බැලුවේ බොහෝම උපේක්ෂාවෙන්. මැය තිස්සගේ මළගෙදර ආවෙ නෑ.

නමුත් මාස ගණනාවක් සුසාන භූමියක තනිවෙලා හෑල්ලු වෙවී තිබ්බ තිස්සගේ අලු මුට්ටිය අරන් ගිහින් අවසන් ගෞරව දැක්වුවේ මේ තනි ගැහැණියයි. ඇයට මොනවා තිතෙන්න ඇද්ද. ගැහැණියක් තම ස්වාමි පුරුෂයා අහිමි උනාම සහ තම එකම දියණීයගේ පියා නිවස හැර ගියාම දරා ගත්තු දේවල් මං ලිව්වා. ඒ තමයි තිස්සගේ හැබෑම ජීවිත කතාව. ඒත් ඒ ඇතැම් කොටස් ඉවත් කෙරුණා. මට ලියා ගන්න බැරි උන ජීවිත කතාවත් අරගෙනම ඇය ජීවිතය අරන් ගිහින්.

අජිත් ගලප්පත්ති විසිනි.

Back to top
Go to bottom

Popular News