lan englan tam

පුවත්

වැන්ගොග්ගේ ජීවිතය අවසන් කළ මළ කෑ පිස්තෝලය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නූතන චිත්‍ර කලාව නිර්වචනය කරළූ, මහාර්ඝ තෙල් සිතුවම් 860ක් ඇතුළුව කලා කෘති 2100 කට ජීවය කැවූ 'වින්සන්ට් වෑන් ගෝ' නම් වූ අසහාය මිනිසා දරිද්‍රතාවය හා විෂාදය මගින් විඩාබර උපරිමාන්තයකදී, 1890 හි ජූලි මස 27 වන අපරභාගයේ පෙර කිසිවෙකු අදරයෙන් නොම ඇමතූ හදවත යකඩ මූනිස්සමකින් අමතා නිහඩ විය!

නමුදු, පර්ශුවක වැදුනු උණ්ඩය හදවතද ඇතුළුව සියළූම අවයව මගහැර උරස් කුහරය විනිවිද, සුෂුම්නාවේ ලැගුම්ගති. අපාදුක් මැද ගෙවීගිය පැය තිහක් අහවර ලෙයින් පින්තාරු වී ගිය තිස් හත් හැවිරිදි සිත්තර දේහය සදාකාලික නිශ්චලතාවයේ දරදඩු විය!
පැන්සයක් නොමැතිව ගෙවී මළකා වියෝ වූ ජීවිතයට අවසානය කැන්දූ පිස්තෝලය 1965 දී සොයාගනු ලැබූ අතර ඉකුත් මස 19 වනදා පැවති වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් 182,000 ක මිලට මිල වී ධනවත් තුරුලක සදාකාලික විය!

ප්‍රදීප් පීරිස් - ජ්‍යෙෂ්ඨ කලා අධ්‍යක්ෂ

kemadasa

shungara

Back to top
Go to bottom