lan englan tam

පුවත්

'කඩුල්ල' - 'කව් සිළුමිණ'ට සමානයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඩබ්ලිව්. ජයසිරි යනු මෙරට කලා ක්ෂේත්‍රය තුළ ශිල්පියෙකු පමණක් නොව අව්‍යාජ පැවතුම් සහ සිතුවිලිද ඇති මිනිසෙකු ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවේ කෘතහස්ත සිනමා - ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ 'කඩුල්ල' ඇතුළුව ජයසිරි රඟපෑ ටෙලිනාට්‍ය හා සිනමා චරිත ගණනින් ලැබූ ප්‍රේක්ෂකමය අත්දැකීම බොහෝ දෙනෙකුට වටිනාබව එකතු කළ හැඟීමක් වනු නිසැකය.
මෙරට ව්‍යාපාරික පන්තියේ විකාශය පිළිබඳව නිර්මාණය වූ ටෙලි නාට්‍යයක් වන කඩුල්ල යනු කවු සිළුමිණට සමාන නිර්මාණයක් වන බව පසුගියදා ජයසිරි විසින් පවසන ලද්දේ 'මතක පද' යූටියුබ් සංවාදයට සහභාගි වෙමිනි.

එහිදී රටට අලුත් වෙනසක් අවශ්‍ය බවත් අනාගත ජනාධිපති වන්නේ අනුරද, සජිත්ද, රනිල් යන්නත් සංවාදයට ගන්නා ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැනද සිය අදහස් විග්‍රහයට ලක් කරයි.
ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන 'මතක පද' එම සංවාදයට ඩබ්ලිව් ජයසිරි සහභාගි වූයේ මෙසේය.

Back to top
Go to bottom

Popular News