තාවකාලික පැවිදිවිය වැඩසටහනට මා එක්වූයේ ජූලි මාසයේදීය. ඉතා වටිනා අත්දැකීමක් ලබා නැවත පැමිණ එම පණිවිඩය සමාජයට ලබා දීමේ අරමුණින් එම video ව මාගේ youtube එකෙන් මුදා හැරියෙමි.
ඒ සංවාදයෙන් ඔබ යමක් ජීවිතයට එකතු කර ගත්තානම් එයයි මාගේ සතුට.
එම කාර්‍යය බොහෝ දෙනෙකු අගයකර තිබුනි. ඔවුන්ට මාගේ ස්තූතිය.. 🙏
මම
නැවතත් සුපුරුදු පරිදි මාගේ රංගන කටයුතු වල හා නිවේදන කටයුතු වල නිරත වෙමි. ❤️
අප ජීවිතයේ අවසානයේ ඉතිරි වන්නේ අප ලබා ගත් අත්දැකීම් හා මතකයන් පමණි. ලද අත්දැකීම් ගැන පසුව කතා කරමු. මතකය මාතුල තබා ගමි.
ධනංජය සිරිවර්ධන