lan englan tam

පුවත්

'ලලයි ලිලයි' අලුත්ම ගීතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ලලයි ලිලයි ලයි' ටෙලි නාට්‍යයේ අලුත්ම ගීතය එහි අධ්‍යක්ෂ සුපුන් රත්නායක විසින් පළ කරනු ලැබ තිබේ.

පෙර ගීතය මෙන්ම අලුත්ම ගීතයටත් මේ වන විට නිකුත් කර පැය කිහිපයක් තුළ ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තිබේ.

වසන්තයේ දවසක් දා
මුණගැසුණා ඔබ හා මා
නෙත් දහසක් පසු කරලා
නතර වුනා ඔබ ළඟ මා
ඔබ ගෙනා මුදු කල්පනා
මීවිතක් සේ සුව දෙනා
ඔබෙන් ලද රුදු වේදනා
පිරුනු හදවත පාරනා...
හමා එයි හැර දමා යයි
ඔබත් සුළඟක් වගේමයි.
ඔබෙන් තොර මොහොතක් පවා
හද රිදෙයි කල්පය පුරා
හද විලේ කුසුමක් වෙලා
ඉන්න සුපිපී දිවි තුරා...
නෙලා ගන්නට බැරි නිසා
දුරින් හිද සැනසෙමි බලා..
 
ගේය පද - සුපුන් රත්නායක
සංගීතය සහ ගායනය - අමිල ඉන්ද්රජිත්

kemadasa

shungara

Back to top
Go to bottom