lan englan tam

පුවත්

'චරන්දාස් චෝර්' නවතී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල විසින් නිර්මාණය කරන ලද 'චරන්දාස්' නාට්‍යයේ ඉන්දියානු නාට්‍යය 'චරන්දාස් චෝර්' නැරඹීමේ අවස්ථාව අගෝස්තු 31 වැනිදා වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයාට උදා වී තිබූ බව මීට පෙර දැනුම් දුන්නද එම නාට්‍යය වේදිකාගත කිරීම හදිසියේ නැවතී තිබේ.

ඉන්දියානු නාට්‍යවේදී හබීබ් තන්වීර්ගේ "චරන්දාස් චෝර්" අගෝස්තු 31 රාත්‍රී 07ට සුදර්ශි එළිමහන් රංග පීඨයේදී සුදර්ශී පාලක මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය ඇතිව රඟදැක්වීමට නියමිතව තිබූ නමුත්, ඒ සඳහා පැමිණීමට නියමිතව තිබූ විදේශීය කලාකරුවන්ට වීසා නොලැබීමේ ගැටලුවක් මත නාට්‍යය වේදිකාගත කිරීම නැවතී තිබේ.
ප්‍රවේශපත් අලෙවියක් සිදු නොවී නොමිලේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම නාට්‍ය දර්ශනය ජම්මු-කාශ්මීර් නාට්‍ය කණ්ඩායමක් වන "නූතන් ප්‍රයාස් මන්ච්" විසින් රඟ දක්වනු ලැබීමට නියමිතව තිබිණි.
නාට්‍යයේ අධ්‍යක්ෂක අනුරූප් පතානියා යන තරුණ කාශ්මීර අධ්‍යක්ෂවරයා වේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලද දැනුම් දී තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom