lan englan tam

පුවත්

මැයි මාර ප්‍රසංගය සමිධගේ සැබෑ ඉසව්ව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචනා කරන ලද 'මැයි මාර ප්‍රසංගය' නවකතාව සිනමාපටයක් ලෙස නිර්මාණය වීමට නියමිත බව මේ වන විට කවුරුත් දන්නා කාරණයකි.


මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින්ම චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලැබීමට නියමිත චිත්‍රපටය නිෂ්පාදනය කේපී ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් කුමාරි පණ්ඩිතරත්නගෙනි. 
මෙහි විශේෂම සිදුවීම වන්නේ චිත්‍රපටයේ දර්ශන තල බැලීමට යාමේදී කතාවේ චරිතයට මුල් වූ සැබෑ සමිධ සිටවූ මැයි මාර ගස සහ ඉවුම් පිහුම් සඳහා පාවිච්චි කළ කරපිංචා ගස සියැසින් දැකීමට නිෂ්පාදන කණ්ඩායමට හැකි වීමයි.  
උමාලි තිලකරත්න, රොශාන් රවීන්ද්‍ර ප්‍රධාන චරිත රඟපෑමෙන් දායක වීමට නියමිත චිත්‍රපට පසුතල පිළිබඳව එහි පසුතල බැලීමට ගිය චන්දන වීරසිංහ විසින් පවසනු ලැබ තිබිණි.

Back to top
Go to bottom

Popular News