lan englan tam

පුවත්

සහෘදයින් පිනවන 'ආයාචනා' තිර රචිකාවියගේ කවි පොත

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන 'ආයාචනා' ටෙලි නාට්‍යයේ තිර රචිකාවිය තනූජා ලුම්බිණි තඹවිටගේ 'ඇත්තටම අපි රෑට කන්නේ මොනවද' කෘතිය සඳහා මේ දිනවල බෙහෙවින් ප්‍රතිචාර හිමි වෙමින් තිබේ.

එහි කවියක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසින් මෙසේ ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර ඔහුගේ උපන්දිනයට සුබ පතමින් තනූජා එය මෙසේ පළ කර තිබිණි.

"එකෝමත් එක කාලෙක මරියා කියල ගණිකාවක් හිටිය.අනිත් හැම ගණිකාවක් වගේම ඇයත් ඉපදුණේ අහිංසකව හා කන්යාවක් විදිහටයි.

මිනිත්තු එකොළහේ කතන්දරේ - පාවුලෝ කොයියෝ"
 
මරියා නෙවෙයි මම සුජාතා
ඉපදුනේ කොළණියක ලීස්තර ගෙදරක
අහිංසක පෙනුමට
ගණිකාවක්ව නෙවෙයි ළදැරියක් විදිහට
ලොකු උනා මම කන්යාවියක් විදිහට
මොකක් හරි හේතුවකට
යන්න උනේ අතින් අතට
කිව්වාට කටින් කටට
එහෙම ගියෙ නෑ ඇත්තටම .
බාප්පයි එයාගෙ යාළුවොයි
යාළුවන්ගේ යාළුවොයි
විතරයි හිටියෙ පාටියට
දිව රතුපාට වෙන මම ආස රස බීම
දෙපාරක් බිව්වා මට මතක විදිහට .
අන්න එදාට පහුවදා
අම්මගේ ඔළුව තිබුණා
කැළණියේ ඉස්ටේසමේ
කඩොලාන වගුරක
එකමත් එක රටක හිටිය
සුජාතා කියල ගණිකාවක්!
ඒක හරි වැරදි කතාවක්
එකමත් එක රටක හිටිය
සුජාතා කියල සිටුදුවක්
බුදුවෙන්න උන්න කෙනෙකුට
කිරිපිඬු දීපු සිටු දුවක්
ළදැරියකව ඉපදුන
කන්යාවියක් විදිහට
කිරිපිඬු හදල පිදුවද
කියල පොත්වල තිබුණද
ඉතිං කොහොමද කියන්නේ
එකමත් එක රටක හිටිය කියලා
සුජාතා කියල ගණිකාවක් ?

Back to top
Go to bottom

Popular News