lan englan tam

පුවත්

කියාදෙන්න ආදරේ තරම් අවසානය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය නිළි ශලනි තාරකා සහ සචින් ලියනගේ රංගනයෙන් දායක වෙමින් ආරම්භ කරන ලද කියාදෙන්න ආදරේ තරම් අවසන් කොටස පසුගියදා සිරස ටීවීහි විකාශය කෙරිණි.

ඉතා දිගු කාලයක් විකාශය වුවද නාට්‍යය වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් රැඳී සිටි අතර එහි අවසානය පිළිබඳව විවිධ ප්‍රතිචාරද දක්නට ලැබිණි.
සතියේ දිනවල සිරස ටීවී වටා 'කියාදෙන්න ආදරේ තරම්' හේතුවෙන්ම ගොනු විශාල ප්‍රජාවක් සිටියහ.

නාට්‍යයේ තිර රචක මහේශ් රත්සර මද්දුම ආරච්චි නාට්‍යයේ අවසානය පිළිබඳව මෙසේ ලියා තිබිණි.
"ඔබේ කතාව මගේ කර ලියා අවසන් කලෙමි. දැන් පියෙකු තම දරැවා උස් මහත් වනු සොම්නසින් බලා සිටින්නා සේ ඔබේ අදහස් දෙස බලා හිඳිමි . කතාකරයෙකු ලෙස මගේ වත්කම එයයි. මට දැනෙන මේ සතුට ඔබ සියලු දෙනාට පිනක්ව අනුමෝදන් වේවා!"

Back to top
Go to bottom

Popular News