lan englan tam

පුවත්

බිමල්ගේ දුෂ්ඨයා මම හොඳින් දැක්කා; මන්දාරා අධ්‍යක්ෂ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"බිමල් කියන නළුවා මින් පෙර ඉතාම හෘදයාංගම චරිත නිරූපණයන්ට එකතු වුණු නළුවෙක් තමයි. නමුත් මම බිමල්ව හඳුනා ගන්නේ වෙනම විදියකට. බිමල් කියන්නේ ඕනෑම චරිතයක්, ඕනැම අන්දමකින් ග්‍රහණය කර ගන්න පුළුවන් නළුවෙක්. ඔහුට ඕනෑම අන්දමක චරිතයකට ජීවය දෙන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. මන්දාරා චිත්‍රපටයේ බිමල්ගේ චරිතය ඉතාම දුෂ්ඨයි තමයි. එහෙම ප්‍රේක්ෂකයාට තේරෙන්න තරම් හොඳින් ඔහු ඒ චරිතය නිරූපණය කරලා තිබෙනවා." යැයි පවසන්නේ මන්දාරා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේය.

බිමල් ජයකොඩිගේ රංගන හැකියාව ගැන පවසමින් ඔහු මෙසේ පැවසුවේ සරසවිය පුවත්පතේ හේමාලි විජේරත්න සමග පැවති සංවාදයකදීය.
"මම විශ්වාස කරන අන්දමට බිමල් මේ රටේ හිටපු අති දැවැන්ත, දක්ෂ චරිතාංග නළුවන් වන ජෝ අබේවික්‍රම, ජැක්සන් ඇන්තනි වැනි නළුවන්ගෙන් පස්සේ යම්කිසි මට්ටමක තියන්න පුළුවන් අපට සිටින අති දක්ෂ නළුවෙක්. මම විශ්වාස කරනවා මේ චිත්‍රපටය සඳහා ඔහුගෙන් මම උපරිම ප්‍රයෝජනය ගත්තා කියලා. මින් ඉහත මම කරපු ආදරණීය කතාවක් චිත්‍රපටයේත් බිමල්, හේමාල් රණසිංහගේ යහළුවාගේ චරිතය නිරූපණය කළා. ඒ චිත්‍රපටයේ දෙවැනි පෙළ චරිතයක් වුණත් ඒ චරිතයේ ගැඹුර බිමල් නියම ආකාරයට නිරූපණය කළා." යැයිද ප්‍රියන්ත එහිදී පවසා තිබිණි.

Back to top
Go to bottom

Popular News