lan englan tam

පුවත්

පද්මසිරිගේ නැගී සිටීම කියන 'ගිනි අවි සහ ගිනි කෙළි'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චිත්‍රපට පූර්ව ප්‍රචාරක පටය පසුගියදා එළි දැක්වූ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ගිනි අවි සහ ගිනිකෙළි 2 චිත්‍රපටය සැප්තැම්බර් 26 වැනිදා සිට තිරගත වීමට නියමිතය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අනුර හොරේෂස්ගේ ගිනි අවි සහ ගිනි කෙළි නකතාව චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ පාතාල කල්ලි නායකයෙකු වන පද්මසිරිගේ ජීවිතය වටා පාදක වී ඇත.
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ධනුක ඩිල්ශාන්, ලකී ඩයස්, පාලිත සිල්වා, ගිහාන් ප්‍රනාන්දු, රොජර් සෙනෙවිරත්න, අනුර බණ්ඩාර රාජගුරු, ජගත් බෙනරගම යනාදීහු රංගන දායකත්වය සපයති.
චිත්‍රපටය EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතය.
1998දීද අනුර හොරේශස් විසින් රචිත උදයකාන්ත වර්ණසූරිය විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් වේ. රංජිත් ජයසූරිය විසින් නිෂ්පාදනය කරනු ලැබිණි.
නව චිත්‍රපටයේ කතාව - අනුර හොරේෂස්, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය, කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, සංගීත අධ්‍යක්ෂණය - චිත්‍රාල් සෝමපාලගෙනි.

 

Back to top
Go to bottom

Popular News