lan englan tam

පුවත්

'රසපැන' මතක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"තේවිස් ගුරුගේ මැදිරියේ සිට ඩේන්ටී සමූහ ව්‍යාපාරයත් ස්වාධීන රූපවාහිණියත් එක්ව ගෙන එන...
"ඩේන්ටී රසපැන" මෙතැන් සිට
තිලකා නැන්දේ...
ඔව් ධර්ම ශ්‍රී මාමේ.. අදත් සුපුරුදු ලෙසම වයස අවුරුදු 6 ට වැඩි 10ට අඩු පුංචිම පුංචි මල් කැකුළු ගොඩක් අපේ රටේ නන්දෙසින් එයාලාගේ හැකියාවන් රටටම පෙන්වන්න ඇවිත් තියෙනවා...
එහෙනම් දෙන්න අත්පොලසන් නාදයක්...."
(👏 අත්පුඩි......)

මතකද ඒ අතීතය 🙂❤️ සෙනසුරාදා දහවල් 12.30ටද කොහෙද ගියේ 1989 ඉදලා මේ ප්‍රෝග්‍රෑම් එක වසර 10කට ආසන්න කාලයක් තිබිලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ගම්නියම් ගම් වල පුංචි පැටව් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලත් තියෙනවා.. සමහරවිට ගියපු අයත් මේ පෝස්ට් එක කියවනවා ඇති... 🙂
මේ ප්‍රොග්‍රෑම් එක මුලින්ම කාලේ කළේ ධර්මශ්‍රී මාමයි , තිලකා නැන්දයි.. ඒ කියන්නේ ප්‍රවීන ජනප්‍රිය ගායිකා උරේෂා රවිහාරිගේ පියා වූ ප්‍රවීන නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහ සහ රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ මව වන ප්‍රවීන නිවේදිකා තිලකා රණසිංහ විසින්.
පස්සේ කාලෙක නිවේදක නිවේදිකාවන් වෙනස් වෙලා තියෙනවා මෑත කාලේදී රංගනශිල්පී ප්‍රියන්ත සෙනෙවිරත්නත් ඉදලා තියෙනවා .

සටහන - ඡායා: එම්.එම්.පී. රණවීර - සිනෙමායා Entertainment

Back to top
Go to bottom

Popular News