lan englan tam

පුවත්

හොඳම නවකතාවට වැඩියෙන්ම රාජ්‍ය සම්මාන ලැබූ කේ. ජයතිලක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රඳාවාන, කන්නිමහර ග්‍රාමයේදී 1926 ජූනි 27 දින ජන්ම ලාභය ලැබූ කළුඅච්චි ගමගේ ජයතිලක මහතා ශ්‍රීලාංකීය සාහිත්‍යය උදෙසා වටිනා මෙහෙවරක් ඉටු කල සාහිත්‍යකරුවෙකු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන්නෙකි.

සිය දිවිය තුලදී නවකතා 18ක්, කෙටිකතා 8ක් ළමා කතා පොත් හා පැරණි සාහිත්‍ය ග්‍රන්ථ පිළිබද විවරණ කීපයක් එළිදක්වා ඇති එතුමා සාහිත්‍ය විචාරකයෙකු ලෙසද පිළිගැනීමට ලක් වූවෙකි.
හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් 5 වරක්ම පිදුම් ලැබූ අතර අප ලේඛකයින් අතුරින් වැඩිම වාරයක් මෙම සම්මානයට හිමිකම් කී ලේඛකයා ලෙස ඔහු වාර්තා තබා ඇත.
🌹 චරිත තුනක් - 1963
🌹 පිතා මහ - 1967
🌹 පුංචි රාළ - 1973
🌹 මතු සම්බන්ධයි - 1976
🌹 රාජපක්ෂ වළව්ව - 1981
එතුමා විසින් රචිත ඒ සම්මානනීය නවකතා 5යි. වසර 85ක දිවියට සමු දුන් කේ. ජයතිලක ශූරීන් 2011 සැප්තැම්බර් 14 දින වැනි දිනයකදී මෙලොවින් සමුගත්තේය.
🌹 අද (14) එතුමාගේ 13 වන ගුණ සැමරුම් දිනය ලෙස සැලකේ.
📚 2024 සටහන් අංක - 244

නලීන් රෝහණ පෙරේරා

Back to top
Go to bottom

Popular News