lan englan tam

පුවත්

'බංකරයක ඉපදුණු දරුවෙක්' සිංහල මුද්‍රණය මෙවරත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'බංකරයක ඉපදුණු දරුවෙක්' යන දෙමළ භාෂාවෙන් විරචිත දීපචෙල්වන් ප්‍රදීපන් රචනා කළ කාව්‍ය සංග්‍රහයේ සිංහල පරිවර්තනය 'රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන' යන නමින් මෙවරද ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මිලදී ගැනීමට අවස්ථාව උදා වී තිබේ.

"කල්ගත වූ තුවාල සුව කිරීමට යෑමේදී තුවාල අලුතෙන් පාරා ගැනීමට සිදු වෙනු ඇත. එය වේදනාකාරී අත්දැකීමකි. ඒත් අනාගතවාදී අදහසක් ඇත්තෙකුට කිසිසේත් අතීතය මග හැර යා නොහැකිය. සමහරවිට එවැනි කාර්යන් පවා අනතුරුදායක වනු ඇත. එහෙයින් එය මගහැර වුව සිටිය හැකිය."
මෙම සඳහනත් සමග පසුගිය වසරේ සැප්තැම්බර් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළි දැක්වුණු ඉහත කෘතිය කාව්‍ය මෙන්ම සාහිත්‍ය ප්‍රිය කරන බොහෝ දෙනෙකුගේ බෙහෙවින් පැසසුමට ලක් විය.
තරුණ කිවිවර දීපචෙල්වන් ප්‍රදීපන් 2008දී ‍පළ කළ මෙම කෘතිය
ජනප්‍රිය පරිවර්තන ලේඛිකා, කථිකාචාර්ය අනූෂා සිවලිංගම් විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබ, එම මුද්‍රණය කළ මෙම කෘතිය මෙවරද ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මිලදී ගත හැක.
NINE ප්‍රකාශන ආයතනය විසින් මුද්‍රණය කරන ලද කෘතියේ කවර නිමැවුම විකුම් ජිතේන්ද්‍රගෙනි.

 

Back to top
Go to bottom

Popular News