සිංහල වේදිකාවට අද වෙනකොට 'නැතුව බැරි මිනිහෙක්'ගේ තිස් වසරක නාට්ය ගමන සනිටුහන් වෙනවා, ගිය සති අන්තයේ මෙල්බ(ර්)න් නුවරදී.
ඒ අධ්යක්ෂණයෙන් මම මුලින්ම දකින්නෙ 'හංසයින්ටත් මං ආසයි' ජෝන් ද සිල්වා සමරු රඟහලේදි. ඒ කාලෙ බලපු අනෙක් නාට්යවලට වඩා, මේකෙ රීතිය අමුතුයි කියන එක එදාම තදින් දැනුනා.
ඉඳහිට ලංකාවට ගිය හැම වතාවකදිම තාත්තා මට දෙන 'කළ යුතු වැඩ' ලැයිස්තුවේ අනිවාර්ය අංගයක් : රාජිතගෙ අලුත් නාට්යය බැලීම
තමන්ගෙ මුළු ජීවිතයම නාට්ය කලාවට කැප කරපු තාත්තා අකර්මන්ය වෙලා ඉන්දෙද්දී, ලයනල් වෙන්ඩ්ට් රඟහලට අත් වාරුවෙන් එක්කගෙන ගිහින්, Rajitha Dissanayake නාට්යවේදියාගේම නිර්මාණයක් ජීවිතේ අන්තිමට බලන්න සැළැස්වීමත්, හොඳට 'හිතල ගත්තු තීරණයක්' වුනා.
තමන්ගෙ තිස් වසරක නාට්ය ගමන Ringwoodවලදි ඉතා සතුටින් සමරපු රැයේ, අත් තදින් බදාගෙන මට කිවුවෙ 'මචං, අද දවසෙ තියෙන එකම දුක, මට මනෝ අයියත් එක්ක නාට්යයක වැඩ කරන්න බැරිවුන එක. ඒක මාර miss වීමක්' කියල.
රාජිත අයියේ, තව හැට වසරක් වේදිකාව නාට්යයෙන් සක්රීයව තියන්න, ඔයාට ධෛර්යය, ජය, සුව සහ ආදරය !!!
භානුක මනෝරත්න